රනිල්ව බලන්න හරිනි රෝහලට ආ බොරු කතාව ගැන අහන්න රවී කුමුදේශ් CIDයට කැඳවයි

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝහල් ගතව සිටිය දී ඔහුගේ සුවදුක් බැලීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජාතික රෝහලට පැමිණි බවට මාධ්‍ය වෙත තොරතුරු ලබාදී ඇති බව පවසමින්, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටිය දී කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් බැලීමට අග්‍රාමාත්‍යවරිය රාත්‍රියේ ගොස් ඇති බවට මෙරට ඇතැම් මාධ්‍ය අසත්‍ය පුවතක් වාර්තා කර තිබුණා.

එම අසත්‍ය පුවත අග්‍රාමාත්‍ය කාර්යාල විසින් තරයේ ප්‍රතික්ෂේප කළ අතර, එලෙස අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
23
+1
3
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?