රනිල්ට මළ පනී – හිටපු ගෝල මන්ත්‍රීට පිස්සා යයි ආමන්ත්‍රණය කරයි

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ගැටුම් ඇති වන්නේ ආණ්ඩුව හා විපක්ෂය අතර.එහෙත් අද (22) විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් ඇතිවුණා.

මෙලෙස දෙකඩ වෙමින් එක්සත් ජාතික පක්ෂය හා ඉන් කැඩී ගිය සමගි ජන බලවේගය අතර.ඊට මුල්වුණේ රනිල් වික්‍රමසිංහ හා සමගි ජන බලවේගය නියෝජනය කරන වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන්. ලංකා ජාතික වතු කම්කරු සංගමය මුල් කොටගත් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වඩිවෙල් සුරේෂ් මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළා.

හිටපු ඇමතිවරු – ඒ එම ස්ථානය මුල් කොටගෙන හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් වන සාගල රත්නායක , නවීන් දිසානායක හා රාජ්‍ය අමාත්‍යවරයකු වන රුවන් විජයවර්ධන යන මහත්වරුන් ඇමැති ආරක්ෂාවද සමඟ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන්.

සුරේෂ් මහතාගේ ප්‍රකාශයෙන් පසු නැගී සිටි වික්‍රමසිංහ මහතා ඊට ප්‍රතිචාර දැක්වීමට යාමත් සමග සුරේෂ් මන්ත්‍රීවරයාගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

සුරේෂ් මහතා ප්‍රකාශ සංගමයේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් තිබෙන බැවින් එම කටයුතු නිම වූ පසු වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද ප්‍රශ්නය ගැන සලකා බලන ලෙසයි වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර රනිල්ට චෝදනාවක්ද ඉල්ල වුහ. එහිදී සුරේශ් මන්ත්‍රීවරයා වික්‍රමසිංහ මහතාට විවිධ චෝදනා නගමින් වික්‍රමසිංහ මහතාට කතා කිරීමට ඉඩ නොදීම මත වික්‍රමසිංහ මහතාගේ ඉවසීමේ සීමාව ද ඉක්මවා ගියා.

කරුණාකරලා “මේ පිස්සාට වාඩි වෙන්න කියන්න” යයි වික්‍රමසිංහ මහතා එහිදී කථානායකවරයාගෙන් කීප වතාවක්ම ඉල්ලීම් කළා. එම සංගමය සම්බන්ධයෙන් මුදල් කතාවකුත් තිබෙන බවත් ඒ ගැන තමන් මේ අවස්ථාවේ තොරතුරු නොකියන බවද වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළා.

හරින්ගේ මැදිහත් වීම – ඉන්පසු එම ප්‍රශ්නයට එම සංගමයේ සභාපති වන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද මැදිහත් වී දෙපැත්තම සමනය කරන ආකාරයේ අදහස් දැක්වීමක් ඉදිරිපත් කළා. වඩිවෙල් සුරේෂ් මහතා වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරද්දී ඔහු යටතේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කෙනෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06