රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට සහන කාලයක්

පොලිසිය විසින් අප්‍රේල් මස 5 වනදා හෝ ඊට පසුව නිකුත් කර ඇති එහෙත් මෙතෙක් ගෙවීමට නොහැකිවූ දඩ පත්‍රිකා ගෙවීම වෙනුවෙන් සහන කාලයක් ලබාදීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ නොයෙක් හේතූන් මත ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා දඩ මුදල් දෙගුණයක් වීමේ කාලය නොසලකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීමට අවස්ථාව ලබාදීමටයි මුදල් අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය ලැබී ඇත්තේ.

එමෙන්ම මෙම වසංගත කාලය තුල ඉදිරියේදී නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා සඳහා ද ගෙවීමට සම්මත දින 14ක කාලසීමාව ඉක්මවා ගිය ද දිවයින පුරා ඕනෑම තැනැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් අතිරේක දඩ මුදලක් රහිතව ගෙවීමට මහජනතාවට අවස්ථාව හිමිවනවා.

මෙම සහන කාලය නැවත දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක බවයි තැපැල්පති රංජිත් ආරියරත්න නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?