AFC Banner
Empty Ad
Empty Ad

රතු පලසක් මෙන් පෙනෙන තරමටම කකුළුවන්

වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් අතර කාලය ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන්ට මෙන්ම එහි දූපත් වැසියන්ටත් වැදගත් කාල පරිච්ඡේදයක්.

එම දූපතේ තෙතමනය සහිත පරිසරයක් දක්නට ලැබෙන කාල පරාසය තුළ රතු කකුළුවන් තම අභිජනන කාර්යය සඳහා සූදානම් වෙනවා.

රතු කකුළුවන් අවුරුද්දේ වැඩි කාලයක් මිනිසුන් හමුවට නොපැමිණ වනාන්තර තුළ ජීවත් වුණත් තම අභිජනන කාලය තුළ වෙරළ තීරය බලා සංක්‍රමණය වෙමින් මුළු දූපතම අත්පත් කරගන්නේ, දූපතේ සැබෑ අයිතිකරුවන් කවුරුන්දැ යි ලොවට පෙන්වමින්.

රතු කකුළුවන් වෙරළ තීරයට සංක්‍රමණය වූ පසු ප්‍රජනන ක්‍රියාවලියේ නිරතවන අතර මේ සඳහා අවම වශයෙන් සතියක කාලයක්වත් ගත වෙනවා.

දූපත මධ්‍යයේ වූ වනාන්තරයේ සිට වෙරළ තීරය දක්වා මිලියන ගණනකින් සිදුවන මේ මහා සංක්‍රමණයේ දී පෙරමඟ ගැනීම බොහෝ දුරට පිරිමි කකුළුවන් අතින් සිදුවන්නක්.

ඔවුන් ගැහැණු කකුළුවන්ට කලින් වෙරළට පැමිණ, ගුල් හාරා ගෙන, තම වාසස්ථානය
අනෙක් පිරිමි කකුළුවන් ගෙන් ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙනවා.

හාරාගත් ගුල් ආසන්නයේ සංසර්ග ක්‍රියාවලිය සිදුකිරීමෙන් පසුව පිරිමි කකුළුවන් නැවතත් වනය තුළට සංක්‍රමණය වුණත්, ගැහැණු සතුන් තවත් අමතර කාලයක් ගුළ තුළම රැඳී සිටිමින් බිත්තර දැමීම සහ රැක ගැනීමේ කාර්යයේ නිරත වෙනවා.

කලකට පෙර, තම අභිජනන කාර්යය උදෙසා මිලියන ගණනින් දිගු ගමනක යෙදෙන මේ රතු කකුළුවන් මනුෂ්‍ය වාසයට ළඟාවීමත් සමග බොහෝ අනතුරුවලට මුහුණ දුන්නා.

මාර්ග හරහා ගමන් කිරීමේ දී මොවුන් වාහනවලට අසුවී දහස් ගණනින් මියයෑමේ අවදානමක් තිබුණ අතර, ඔවුන්ගේ පිටසැකිල්ල වාහනවල රෝද සිදුරු කිරීමට තරම් ශක්තිමත් නිසා අනතුරු ඇතිවීමේ හැකියාවකුත් තිබුණා.

කෙසේ නමුත් පසුකලෙක පාරිසරික විද්‍යාත්මකව පවතින වැදගත්කම සහ සංචාරක
ආකර්ශනය සලකා, සංක්‍රමණය සමය අතරතුර කකුළුවන්ට සහ මිනිසුන්ට ඇති වන අපහසුතා මඟහරවා ගැනීමට සඳහා පිළියම් රැසක් මේ වනවිට දූපත තුළ ක්‍රියාත්මක වෙනවා.

මේ කාලය තුළ වනෝද්‍යානය සංචාරකයන් උදෙසා වසා තැබෙන අතර, මහා මාර්ගයන් රතු පලසක් මෙන් පෙනෙන තරමටම කකුළුවන්ගෙන් වැසී යන නිසා බොහෝමයක් මාර්ගයන් ද වසා දැමෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?