Empty Ad
Empty Ad
 Empty Ad

රත්වත්තේ ජෝඩුව අද උසාවියට

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආවා.

නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව පසුගිය 31දා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ව අත්අඩංගුවට ගැනුණා.

එදින ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි ඔහුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ.

පසුව ඔහුව නොවැම්බර් මස 2 වෙනිදා බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවූ අතර, ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් නොවැම්බර් මස 3 වනදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පසුව සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමුකර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පසුවුණා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගංගොඩවිල අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 4 වනදා අත්අඩංගුවට ගෙන අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
LIVE🔴10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භය සජීවී විකාශය
46:36
Video thumbnail
Jetstar ශ්‍රී ලංකා ගුවන් ගැබ අක්‍රමණය කරයි - අඩුම මුදලකින් වැඩිම වින්දනයක්
01:09
Video thumbnail
දෙමළ පක්ෂත් ශ්‍රමදානයට අහුවෙලා - ආණ්ඩුවටත් යම් කාලයක් දෙන්න ඕනි
04:15
Video thumbnail
සැරයටියෙන් පාර්ලිමේන්තු ආපු මාලිමාවේ නවක මන්තී කළ දුක හිතෙන කතාව
02:14
Video thumbnail
රස්තියාදුකාර දේශපාලනය ඉවත් වෙයි - පාර්ලිමේන්තුව සංවර පාර්ලිමේන්තුවක් වෙයි
02:17
Video thumbnail
අපිට අත්දැකීම් තියෙනවා - නලීන් බණ්ඩාරගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
01:46
Video thumbnail
ජනාධිපති අනුර කුමාර තවමත් ඉන්නේ රනිල්ගේ වැල් පාලමේම තමයි
02:49
Video thumbnail
මේ බොරුවට ඉඩ තියන්න එපා - අවුරුදු 26ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය අපි
05:08
Video thumbnail
හම්බන්තොට නගර සභාවට ඉල්ලන්න තීන්දු කළොත් කියන්නම් - නාමල් කොරවෙයි
02:13
Video thumbnail
මේ රට ගොඩනැගීමේ අපේක්ෂාව සර්වප්‍රකාරයෙන් අපි සාර්ථක කරනවා - ඒක ස්ථීරයි - ලාල් සහෝදරයා ඒ වචනෙම ඇති
02:23

?