රත්‍රන් ගේන්න යොදාගත් අලුත්ම ක්‍රමයක් කටුනායකදී හෙළිවෙයි

නීති විරෝධීව රත්‍රන් මෙරටට රැගෙන ඒමට යොදාගන්නා නවතම ක්‍රමයක් අනාවරණ කර ගැනීමට රේගු නිලධාරීන් සමත්ව තිබෙනවා.

රත්තරන් වලින් සකස් කළ ක්‍රෙඩිට් කාඩ් පත් (Credit Card) උපයෝගී කර ගනිමින් රුපියල් එකොළොස් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා (111,550,000) කැරට් 24 රත්තරන් තොගයක් ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

විවිධ වාණිජ බැංකු විසින් නිකුත් කල ක්‍රෙඩිට් ලෙස බැලූ බැල්මට හැඟී යන ආකාරයටම මේවා සකස් කර ඇතැයි සඳහන්.

මේ ආකාරයට ශ්‍රී ලංකාවට රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ගෙන ආ පළමු අවස්ථාව මෙය බවයි රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීවරයෙකු කියාසිටියේ.

කැරට් 24 රත්තරන්වලින් සකස් කරන ලද ස්වර්ණාභරණ ශ්‍රී ලංකාවට ගෙන ඒම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ නියෝගයක් ද පනවා ඇත්තේ මෙලෙස සිදුවන නීතිවිරෝධී රත්තරන් ජාවාරම් මැඩලීම සඳහායි .

මෙම රත්තරන් තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය නිරන්තරයෙන් ගුවන් ගමන්වල යෙදෙන අයෙක් බවට ද හෙළිවී තිබෙනවා.

සැකකාරිය පසුගිය 12 වනදා අලුයම 01.52ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම කාන්තාව පළමුවෙන් ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ, එතැන් සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා බවටයි හෙළිවන්නේ.

ඇය මේ වනවිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හරහා ඩුබායි වෙත ගුවන් ගමන් 04ක් පමණ සිදු කර ඇති බව ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කළ රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබෙනවා.

ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ලේ කිලෝ 06 යි ග්‍රෑම් 500ක් බරැති කැරට් 24 රත්තරන් වලින් සකස් කළ ක්‍රෙඩිට් කාඩ් පත් 27ක් ද , මාළ, වළලු සහ මුදු තොගයක් ද සඟවා ගෙන තිබූ බව රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් සඳහන් කළා.

ඒවායේ වටිනාකම රුපියල් එකොළොස් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් බව රේගු නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

මීට අමතරව මෙම ගමන් මල්ලේ කළු පැහැති පටිවලින් ඔතන ලද කිලෝ 02යි ග්‍රෑම් 200ක් බරැති රත්තරන් ජෙල් (Gold Gel) තොගයක් ද තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඒවායේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.

මෙම අත් අඩංගුවට ගැනීම සදහා ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් වෙත තොරතුරු ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58