රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ගණන් සතියක් තුළ රුපියල් 5,000කින් පමණ පහළ ගොස් ඇති බව රත්‍රන් වෙළෙඳපොළ වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ,කැරට් 22, රන් පවුමක මිල රුපියල් 147,000ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේ සිකුරාදා දිනයේ දී රන් පවුමක දැක්වුණේ රුපියල් 152,600ක් ලෙසටයි.

මේ අතර සිකුරාදා රුපියල් 165,000ක් ලෙස පැවති කැරට් 24, රන් පවුමක මිල මේ වනවිට රුපියල් 159,000ක් දක්වා පහත වැටී ඇති බව ද කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
5
+1
49
+1
6
+1
3
+1
11
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?