රත්මලේ වී වගාව තුළ හඳුනා නොගත් පණුවෙක් පැතිරෙයි – අක්කර සිය ගණනක් විනාසයි (වීඩියෝ)

මින්නේරිය රත්මලේ ප්‍රදේශයේ වී වගාවන් තුල හඳුනා නොගත් පණුවන් විශේෂයක් පැතිර යාම හේතුවෙන් කුඹුරු අක්කර සිය ගණනක් විනාශ වී ගොස් ඇති බව ගොවීන් මැසිවිලි නගනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ විනාශ වූ වගාවන් සඳහා වන්දියක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය රත්මලේ ප්‍රදේශයේ මෙවර මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර 220ක පමණ පණුවන් විශේෂයක් පැතිර ගොස් තිබෙනවා.

මෙම හඳුනා නොගත් දළඹු විශේෂය පැතිර යන්නේ පීදීමට ආසන්න ගොයම් ආශ්‍රිතවයි.

දළඹුවා ගොයම් ගසේ පත්‍ර තුළ රැඳී සිටිමින් එම පත්‍රවල යුෂ උරා බීම හේතුවෙන් පත්‍ර සුදු පැහැ ගැන්වී විනාශ වී යන බව ගොවීන් පවසනවා.

මේ සඳහා නිශ්චිත පලිබෝධ නාශකයක් හඳුන්වා දෙන ලෙසයි ගොවීන් ඉල්ලා සිටින්නේ.

මේ අතර පසුගියදා පැවති ගංවතුර හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් අක්කර 84,000ක් පමණ විනාශ වී ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එස් ජගනාදන් මහතා පවසනවා.

මේ හේතුවෙන් ගොවීන් 35,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇතැයි සඳහන්.

වෙලාල්වේලි,කොක්කඩිචෝලෙයි, චෙංකලඩි, වව්නතිව්, වාකරෙයි ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක අස්වනු නෙලීමට ආසන්න කුඹුරු මෙලෙස ගංවතුර‌ට හසුව මුලුමනින්ම විනාශ වී තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයා පැවසුවේ, මේ හේතුවෙන් අස්වැන්‌නේ සැලකිය යුතු අඩුවීමක් සිදුවිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?