රත්මලේ වී වගාව තුළ හඳුනා නොගත් පණුවෙක් පැතිරෙයි – අක්කර සිය ගණනක් විනාසයි (වීඩියෝ)

මින්නේරිය රත්මලේ ප්‍රදේශයේ වී වගාවන් තුල හඳුනා නොගත් පණුවන් විශේෂයක් පැතිර යාම හේතුවෙන් කුඹුරු අක්කර සිය ගණනක් විනාශ වී ගොස් ඇති බව ගොවීන් මැසිවිලි නගනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ විනාශ වූ වගාවන් සඳහා වන්දියක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය රත්මලේ ප්‍රදේශයේ මෙවර මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර 220ක පමණ පණුවන් විශේෂයක් පැතිර ගොස් තිබෙනවා.

මෙම හඳුනා නොගත් දළඹු විශේෂය පැතිර යන්නේ පීදීමට ආසන්න ගොයම් ආශ්‍රිතවයි.

දළඹුවා ගොයම් ගසේ පත්‍ර තුළ රැඳී සිටිමින් එම පත්‍රවල යුෂ උරා බීම හේතුවෙන් පත්‍ර සුදු පැහැ ගැන්වී විනාශ වී යන බව ගොවීන් පවසනවා.

මේ සඳහා නිශ්චිත පලිබෝධ නාශකයක් හඳුන්වා දෙන ලෙසයි ගොවීන් ඉල්ලා සිටින්නේ.

මේ අතර පසුගියදා පැවති ගංවතුර හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් අක්කර 84,000ක් පමණ විනාශ වී ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එස් ජගනාදන් මහතා පවසනවා.

මේ හේතුවෙන් ගොවීන් 35,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇතැයි සඳහන්.

වෙලාල්වේලි,කොක්කඩිචෝලෙයි, චෙංකලඩි, වව්නතිව්, වාකරෙයි ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක අස්වනු නෙලීමට ආසන්න කුඹුරු මෙලෙස ගංවතුර‌ට හසුව මුලුමනින්ම විනාශ වී තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයා පැවසුවේ, මේ හේතුවෙන් අස්වැන්‌නේ සැලකිය යුතු අඩුවීමක් සිදුවිය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38