Indian Premier League

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රා.ලේ කොට්ඨාස කිහිපයකට රතු නිවේදන

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්ද නුවර සහ මදුරාවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවල පවතින සැළකිය යුතු ගංවතුර තත්ත්වය ඉදිරි පැය 48 තුළ සෙමින් වර්ධනය වෙමින් පවතින බව අනතුරු අඟවනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (03) උදෑසන රතු වර්ගයෙන් යුත් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ඒ, අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට දැනුම් දෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කළු ගඟ ද්‍රෝණියේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය සුළු වශයෙන් අඩුවෙමින් වුවද තව දුරටත් පැවතිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?