රත්තරං හොරා දුන් ඔත්තුවකට තරුණියක් සහ තවත් තිදෙනෙක් වැලිකඩ පොලිස් දැලේ

නිවසක් බිඳ මුදල් හා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියකට සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

වැලිකඩ පොලිස් වසමේ දී රුපියල් 550,000ක මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කිරීමේ අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් ඊයේ (28) උදෑසන වැලිකඩ පොලිස් වසමේ ඔබේසේකරපුර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 400ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 24ක, ගොතටුව, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී, සොරා ගන්නා ලද රන් භාණ්ඩ උගසට තබා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව සොර බඩු බැහැර කිරීම හා සොර බඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ඊයේ (28) දින ගොතටුව හා දෙමටගොඩ ප්‍රදේශවල දී අත්අඩංගුව ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අවුරුදු 27 හා 28 වයස්වල පසුවන දෙමටගොඩ හා දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකාරිය වයස අවුරුදු 19ක ගොතටුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?