රත්ගම මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි දරුවාගේ සිරුර වෙරළට ගොඩගසයි

රත්ගම වෙරළ තීරයේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ දරුවාගේ සිරුර වෙරළට ගොඩගසා තිබිය දී අද (09) උදෑසන සොයාගෙන තිබෙනවා.

පෙරේදා (07) සවස් කාලයේ ගාල්ල – රත්ගම වෙරළ තීරයේ දිය නාමින් සිටි ළමුන් හයදෙනෙකුගෙන් එක් දරුවෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව සිටියේ බූස්ස, පාවර ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දරුවෙක්.

මෙම දරුවා තවත් දරුවන් පස්දෙනෙකු සමඟ රත්ගම වෙරළ තීරයේ සෙල්ලම්කර පසුව දිය නෑමට ගිය අවස්ථාවේ දී දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.