රට වෙනුවෙන් තම දිවි කැප කළ විශේෂ කාර්ය බලකායේ 38 වන රණවිරු ගුණ සැමරුම

විශේෂ කාර්ය බලකාය යනු වසර 38 ක් බොහෝ අභියෝග මැද ස්ථිර අදිටනින් නියතයි ජය පාඨය ඔප්නංවමින් මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය හා ශෛරීත්වය වෙනුවෙන් අභිමානවත් ගමනක් පැමිණි බලකායක්.

වර්ෂ 1984 සැප්තැම්බර් මස 01 වන දින සිට මේ දක්වා විශේෂ කාර්ය බලකායේ අප සහෘද නිලධාරීන් 464 දෙනෙකු තම මාතෘ භූමිය නිදහස් නිවහල් දේශයක් බවට පත් කිරීමේ උදාර කර්තව්‍යයේදී රුදුරු ත්‍රස්තවාදය හමුවේ වීරෝධාර ලෙස සටන්වැදී දිවි පුදා ඇති අතර, අප ගමන් මඟට නිරන්තර සහය වූ සුළු සේවක මහත්වරුන් සය දෙනෙකු ද තම දිවි කැප කර ඇත.

එමෙන්ම විශේෂ කාර්ය බලකායේ විරුවන් 774 දෙනෙකු අභීතව යුද වැදී ඇස් මස් ලේ පුද කර ආබාධිතව ඇත.

එලෙස වියෝවු රණවිරුවන් සහ ආබාධිත වු රණවිරුවන් අහිමානයයෙන් සැමරීමේ උත්සව මාලාවක් විශේෂ කාර්ය බලකාය විසින් සංවිධානය කර ඇත.

ඒ පිළිබඳ තොරතුරු පහතින්..

විශේෂ කාර්ය බලකාය කටුකුරුන්ද පුහුනු පාසල – කළුතර 2022.09.01  පෙරවරු 07.30 ට

අනුරාධපුර රුවන්වැලි මහ සෑය අබියස 2022.09.01  පෙරවරු 07.50 ට

කතරගම තිරි වෙහෙර පූජා භූමි පරිශ්‍රය 2022.09.01  පෙරවරු 07.15 ට

විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකය අභියස 2022.09.01  පෙරවරු 07.15 ට

මහනුවර ශ්‍රී දළදා මාලිගාව 2022.09.03  පෙරවරු 10.30 ට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?