රට වෙනුවෙන් ඩොලර්වලට අමතරව ලක්මවට රන් පදක්කමුත් ගේන ජගත්

කුවේට් රාජ්‍යයේ කායවර්ධන ක්‍රීඩා උපදේශකවරයෙකු වශයෙන් සේවය කර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කායවර්ධන ෆෙඩරේෂනයේ (International Federation of Body Building) ඔලිම්පියා ඇමේචර් 2024 යුරෝපා තරගාවලි 03කට සහභාගී වී, මෙම ඔක්තෝබර් මාසය තුළ රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ එම තරගාවලියේ මුල් කාණ්ඩයේ ස්ථාන 02 ක් දිනා ගැනීමට මෙරට කායවර්ධන ක්‍රීඩක ජගත් ගුණසේකර සමත් වී තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම ක්‍රීඩකයා ඉකුත් 12 වැනි දින පෝලන්තයේ වෝර්සෝ නුවර පැවති වෘත්තීය කායවර්ධන ක්‍රීඩකයින්ගේ මාස්ටර් තරගාවලියේ දී රන් පදක්කමක් සහ එම තරගාවලියේ විවෘත “සී” කාණ්ඩය යටතේ තරග කර රිදී පදක්කමක් ද දිනා ගැනීමට සමත් වූ බවයි.

ඊට අමතරව මෙම මස 06 වැනි දින ඉතාලියේ මිලාන් නුවර පැවති ලෝකයේ රටවල් 69 ක ක්‍රීඩකයින් සහභාගී වූ ඔලිම්පියා ඇමේචර් තරගාවලියේ දී මාස්ටර් කාණ්ඩය යටතේ තරග කළ ජගත් ගුණසේකර, එම තරගාවලියේ සිව්වන ස්ථානය දිනා ගැනීමට ද සමත් වුණා.

එසේම 20 වැනි දින හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවති, ලෝකයේ රටවල් 44 ක ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවති වෘත්තීය කායවර්ධන ක්‍රීඩකයින්ගේ මාස්ටර් කාණ්ඩයේ තරගාවලියේ දී ,එහි 05 වැනි ස්ථානය දිනා ගැනීමට ද ඔහු සමත් ව තිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?