රට වෙනුවෙන් ඩොලර්වලට අමතරව ලක්මවට රන් පදක්කමුත් ගේන ජගත්

කුවේට් රාජ්‍යයේ කායවර්ධන ක්‍රීඩා උපදේශකවරයෙකු වශයෙන් සේවය කර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කායවර්ධන ෆෙඩරේෂනයේ (International Federation of Body Building) ඔලිම්පියා ඇමේචර් 2024 යුරෝපා තරගාවලි 03කට සහභාගී වී, මෙම ඔක්තෝබර් මාසය තුළ රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ එම තරගාවලියේ මුල් කාණ්ඩයේ ස්ථාන 02 ක් දිනා ගැනීමට මෙරට කායවර්ධන ක්‍රීඩක ජගත් ගුණසේකර සමත් වී තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම ක්‍රීඩකයා ඉකුත් 12 වැනි දින පෝලන්තයේ වෝර්සෝ නුවර පැවති වෘත්තීය කායවර්ධන ක්‍රීඩකයින්ගේ මාස්ටර් තරගාවලියේ දී රන් පදක්කමක් සහ එම තරගාවලියේ විවෘත “සී” කාණ්ඩය යටතේ තරග කර රිදී පදක්කමක් ද දිනා ගැනීමට සමත් වූ බවයි.

ඊට අමතරව මෙම මස 06 වැනි දින ඉතාලියේ මිලාන් නුවර පැවති ලෝකයේ රටවල් 69 ක ක්‍රීඩකයින් සහභාගී වූ ඔලිම්පියා ඇමේචර් තරගාවලියේ දී මාස්ටර් කාණ්ඩය යටතේ තරග කළ ජගත් ගුණසේකර, එම තරගාවලියේ සිව්වන ස්ථානය දිනා ගැනීමට ද සමත් වුණා.

එසේම 20 වැනි දින හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවති, ලෝකයේ රටවල් 44 ක ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවති වෘත්තීය කායවර්ධන ක්‍රීඩකයින්ගේ මාස්ටර් කාණ්ඩයේ තරගාවලියේ දී ,එහි 05 වැනි ස්ථානය දිනා ගැනීමට ද ඔහු සමත් ව තිබීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39