රට වටේ ම දන්සැල් – හෑන්ඩ් ෆ්‍රී හා සුවඳ විලවුන් දන්සැලකුත් ඒ අතර (වීඩියෝ)

පොසොන් පොහොය සිහිපත් කරමින්, අද (21) දින දිවයින පුරා ආමිස පූජා පැවැත්වුණා.

එහිදී පෙර වසරවල සේ ම විවිධ ප්‍රදේශවල දන්සැල් සංවිධානය කර ඇති අයුරුයි දක්නට ලැබුණේ.

මෙවර සුවිශේෂී දන්සැලක් ද පැවැත්වුණු ආකාරය වාර්තා වුණා.

ඒ සීදුව – රද්දොලුගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ දූරකථන අලෙවි සැලක් මගින් සංවිධානය කර තිබූ ‘Handsfree දන්සැලක්.’

සංවිධාකයින් පැවසුවේ පාරිභෝගික ජනතාවට තමන්ගේ අවශ්‍යතාව අනුව ඕනෑම වර්ගයක හෑන්ඩ් ෆ්‍රී මෙම දන්සැලෙන් ලබාගත හැකි බවයි.

මෙය මෙරට පැවැත්වුණු පළවෙනි හෑන්ඩ්‍ ෆ්‍රී දන්සැල ලෙසට ද සංවිධායක මණ්ඩලය පවසනවා.

එමෙන්ම හෝමාගම ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් මගින් සුවඳ විලවුන් දන්සැලක් ලබා දී තිබෙනවා.

අද දවස පුරා ම මෙම දන්සැල ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව මුස්ලිම් – සිංහල ප්‍රජාව එක් ව කිරිබත් වන්ඩු සහ කෙසෙල් දන්සැලක් සංවිධානය කර තිබුණා.

ඒ කටුකුරුන්ද – වෙට්ටුමකඩ ප්‍රදේශයේ දීයි.

දඹුල්ල – පොහොරවැව ප්‍රදේශවාසීන් ඉඳි ආප්ප දන්සැලක් සංවිධානය කර තිබුණු අතර, හැටන් ප්‍රදේශයේ මල්ලියප්පු සහ කුඩාගම යන මංසන්ධිවල දී අයිස් ක්‍රීම් දන්සැල් ද පැවැත්වුණා.

ඓතිහාසික මැද්දේගම රජමහා විහාරය වන්දනා කිරීමට සපැමිණි බැතිමතුන්ට අද උදෑසන 06 සිට ආප්ප දන්සැලක් ද සඳ-තරු යෞවන සමාජය මගින් සංවිධානය කර තිබුණු බවයි එම ප්‍රදේශවල සිටින අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
8
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?