රට රැකියාවලට රැවටුණු අයට, මාස 05කින් කෝටි 19ක් යළි අයකර දෙයි

2025 ඔක්තොම්බර් සිට 2026 පෙබරවාරි මාසය දක්වා වන මාස 05 ක කාලය තුළ විදේශ රැකියා වංචනිකයින්ට හසුවී සිටි පුද්ගලයින්ට රුපියල් ලක්ෂ 1945ක මුදලක් ආපසු අය කර දීමට හැකියාව ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඊශ්‍රායලය,දකුණු කොරියාව,ජපානය,රුමේනියාව සහ මැද පෙරදිග රටවල්වල රැකියාවන් ලබා දෙන බව පවසමින් සමාජ මාධ්‍ය ජාලාවල දැන්වීම් පළ කරමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධීන් පසුගිය කාලයේ වාර්තා වුණා.

පසුගිය වසරේ ඔක්තොම්බර් සිට 2026 පෙබරවාරි මාසය දක්වා වන කාලය තුළ විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් වන පැමිණිළි 2081 ක් විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබී තිබෙනවා.

එම පැමිණිළි සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණවලින් අනතුරුව වැටලීම් 19ක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් සිදු කර තිබෙනවා.

එම වැටලීම්වලදී පුද්ගලයින් 88 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර,බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිත ආයතන 03 ක හිමිකරුවන් සහ සේවකයින්ද ඒ අතරට අයත්.

ලැබී ඇති පැමිණිළි සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශණවලට අනුව අධිකරණයන් හමුවේ නඩු 244 ක් පැවරීමටද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ ඒකකය සමත් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54