රට රැකියාවට යන අයට රතු නිවේදනයක්

සංචාරක වීසා යටතේ රැකියා සඳහා යන සියලුම ශ්‍රී ලාංකිකයින් අසාදු ලේඛනගත කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එසේ විදේශ ගතවන පිරිස් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නියුක්ති කාර්යාංශය පෙන්වා දෙනවා. ඕමානයේ අතරමංව සිටින සහ දැනට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ ආරක්ෂිත මධ්‍යස්ථානවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කාන්තාවන් 08 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම 2022 දෙසැම්බර් 24 වන දින ශ්‍රී ලංකාවට පැමිණි බවත් කාන්තාවන් 6 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?