තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර කරනවා.
අද (08) පෙරවරු 11.30 ට නිකුත් කර ඇති එම නිවේදනය අද (09) පෙරවරු 11.30 දක්වා වලංගුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ, අනුව දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් උතුරු මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.













