AFC Banner
Empty Ad
Empty Ad

පොලිසිය රට පුරා සෙවූ ‘ඔස්මන් පුෂ්පරාජ්’ අත්අඩංගුවට

ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැනුණු SIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත් වූ බව කියන අත්‍යවශ්‍යව සිටි සැකකරු වන ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක දී කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු පිළිබඳව නිවැරදි තොරතුරක් ලබාදෙන අයකුට රුපියල් මිලියන 02ක ත්‍යාග මුදලක් ලබාදෙන බව පොලිසිය මීට පෙර ප්‍රකාශ කළා.

මේ අතර ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තාගේ සහෝදරයෙකු විවාහ වී සිටින බිරිඳගේ සහෝදරයින් දෙදෙනෙක් ද පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් 22 වැනිදා හලාවත, දැදුරුඔය, කුම්බුට්ටුකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටින තම ඥාති නිවසකට පැමිණ ඇති අතර, එහිදීයි ඔවුන් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
12
+1
4
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?