AFC Banner
Empty Ad
Empty Ad

රටේ වත්මන් අර්බුදය ගැන සාධනීය අදහස් සහ විසඳුම් ඉදිරිපත්වීම විරලයි – කථානායක

රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවතින වාද විවාදයන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ඊට අදාළ සාධනීය අදහස් දැක්වීම සහ විසඳුම් ඉදිරිපත් කිරීම ඉතා විරල වීම ගැන කණගාටුවට පත්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කර සිටිනවා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා මේ ගැන අදහස් ප්‍රකාශ කර සිටියා.

එහිදී කථානායකවරයා සිදුකළ ප්‍රකාශය පහතින්…

” සභාව එකඟ වූ පරිදි ඊයේ දින වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දැක්වීම පිළිබඳව පක්ෂ, විපක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට මම ස්තූතිවන්ත වෙමි. එහෙත් මෙම විවාදයේදී අර්බුදයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් සාධනීය අදහස් දැක්වීම හා විසදුම් ඉදිරිපත් කිරිම ඉතා විරල වීම කණගාටුවට කාරණයකි.

විවාදය ආරම්භ කිරීමට න්‍යාය පාත්‍රානුකූලව කටයුතු කිරීමේදී ඊට බාධා කිරීමත්, සභාව දෙවරක් අත්හිටුවීමට සිදු වීමත් මෙවැනි තීරණාත්මක අවස්ථාවක සිදු නොවිය යුතු දේවල් හැටියට මම දකිමි.

මාධ්‍ය තුළින් වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණද දයාසිරි ජයසේකර මැතිතුමාත්, ඒ වගේම විජයදාස රාජපක්ෂ මන්ත්‍රිතුමාත් ඉදිරිපත් කළ අදහස ඉතාමත් වැදගත්. ඒ වගේම සභාවේ අවධානය යොමුකළ යුතු කාරණා බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

එහිදී එතුමා අවධාරණය කළේ අප සියලු දෙනාම පක්ෂ පාට භේදයකින් තොරව දේශපාලන අරමුණු පසෙකලා මේ අර්බුදය ජය ගැනීමට පොදු වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින් සකස් කළ යුතු බවයි.

ඒ වගේම සියලුම මන්ත්‍රීවරුන් ඊයේ මේ අවස්ථාවේදී සභාව තුළ වෙනදා පුරුදු පරිදි දේශපාලන අර්බුද මතු කර ගෙන කටයුතු කිරීම කණගාටුවට කාරණයක් බව නැවත වරක් මතක් කරමින් අද දින විවාදයේ දී සියලු දෙනා මෙම කරුණු මතක තබා ගෙන විවාදය අවසානයේ අප සියලු දෙනාටම එකඟ විය හැකි සුදුසු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට හැකිවන ආකාරයට කටයුතු කරන ලෙස ඔබ සියලු දෙනාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිමි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?