රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව

රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසනවා.

මෙම ජාතික භෞතික සැලැස්මට අදාළ කෙටුම්පත මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මහජනතාවගේ ද අදහස් ලබා ගෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එය සම්මත කිරීමට පියවර ගන්නා බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2048 රටේ සංවර්ධන දැක්මට සමගාමීව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත්, මෙරට අධිවේගී මාර්ග ඇතුළු මූලික සංවර්ධන වැඩසටහන් රැසක් ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක වන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නා.

මෙම වැඩපිළිවෙළ වසර දෙකක නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන ආකාරයට උතුර, නැගෙනහිර යන පළාත්වල සහ මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (23) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා….

පසුගිය කාලයේ පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් රට අර්බුදයට ලක් වුණා. එහිදී ‍ඉදිකිරීම් කේෂ්ත්‍රයට විශාල බලපෑමක් ඇති වුණා. රටේ ආරම්භ කර තිබූ ව්‍යාපෘති, ඉදිකිරීම් නතර වුණා. එසේම භාණ්ඩ ආනයනය නතර කිරීම නිසාත් ඉදිකිරීම් කේෂ්ත්‍රය තවත් අඩපණ වුණා. කොන්ත්‍රාත්කරුවන්ට ලැබිය යුතු මුදල් ගෙවීම් පවා නතර කරන්නට සිදු වුණා.

මේ වන විට රට ආර්ථිකමය වශයෙන් යම් ප්‍රගතියක් අත්කරගෙන තිබෙන නිසා කෙටි, කාලීන හා මාධ්‍ය කාලීන වැඩපිළිවෙළක් හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා. මේ යටතේ විශේෂ ව්‍යාපෘති අටක් නැවත ආරම්භ කරන්න කටයුතු කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අනුව නිවාස 2000ක් ඉදිකිරීම වෙනුවෙන් චීනය සමඟ ගිවිසුම්ගත වීමේ කටයුතු ලබන සතියේ ආරම්භ වෙනවා. එලෙස ඉදිකරන නිවාස අඩු ආදායම්ලාභීන්ට ලබාදීමට පියවර ගන්නවා.

පසුගිය කාලයේ ඉදිකිරීම් ආරම්භ කර, පසුව නතර වූ නිවාස ව්‍යාපෘති ආරම්භ කරන්න රුපියල් මිලියන 5000 ක් වෙන් කර තිබෙනවා. එම නිවාස ව්‍යාපෘති අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ආර්ථිකය මෙන්ම රට සාමාන්‍යකරණයට ලක්වීම හේතුවෙන් විදේශ ආයෝජකයන් දැන් මෙරටට පැමිණෙමින් සිටිනවා. ඔවුන් සමඟ රජය දැනටමත් සාකච්ඡා පවත්වා තිබෙනවා. එම නිසා රටේ ඉදිකිරීම් කේෂ්ත්‍රය නැවත යථා තත්ත්වයට පත්වනු ඇති බව අප විශ්වාස කරනවා.

ඉදිකිරීම් කේෂ්ත්‍රයට වෙනත් විකල්ප නැහැ. ඉදිකිරීම් කේෂ්ත්‍රය කඩාවැටීම නිසා බොහෝ දෙනෙක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා. රට තුළ සිටින ඉදිකිරීම් කේෂ්ත්‍රයේ අත්දැකීම් සහිත කණ්ඩායම් මෙරටින් බැහැරවීම රටට විශාල අඩුපාඩුවක්. අපේ දත්තවලට අනුව ලක්ෂයකට වැඩි පිරිසක් ඉදිකිරීම් කේෂ්ත්‍රය කඩා වැටීමට ලක් වූ නිසා බලපෑමකට ලක්ව සිටිනවා. ඉදිරියේදී රජය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කරනවා.

ඒ වගේම පසුගිය කාලයේ සිමෙන්ති මිල ගණනය කිරීම කිසිම පාලනයකින් තොරවයි සිදු වූයේ. නමුත් මේ වන විට සිමෙන්ති මිල යම් පාලනයකට යටත්ව තිබෙනවා. එසේම ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් සිමෙන්ති ගෙන්වන්න තීරණය කර තිබෙනවා. එසේ ආනයනය කරන සිමෙන්ති විශේෂ ව්‍යාපෘති වෙනුවෙන් ලබාදීමට කටයුතු කරනවා. මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් රටේ පවතින සිමෙන්ති මිල තවදුරටත් රුපියල් 400-500 කින් පමණ අඩු වෙනු ඇතැයි විශ්වාස කරනවා.

රටේ පැවති ආර්ථික අර්බුදයට මෙන්ම ජනතාවගේ සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසක් පසුගිය කාලයේ ගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රට සාමන්‍යකරණයට පත් වෙලා තිබෙනවා. මීට වසරකට දෙකකට පෙර තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඊට සාපේක්ෂව අඩු වෙලා තිබෙනවා. දැන් අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන තොග රට තුළ තිබෙනවා. ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට අපි කොන්දේසි විරහිතව සහාය ලබා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
3
+1
4
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15