රටින් යන්න සැරසෙද්දී ඇල්ලූ කමාන්ඩෝ සමිදුගේ අනුගාමිකයාගෙන් තොරතුරු රැසක් එළියට

යුද හමුදා කමාන්ඩෝ බලකායේ සේවය කළ සෙබලෙක් විදෙස් ගතවීමට සූදානම්ව සිටිය දී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවවේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමේ දී අනාවරණයකර ඇත්තේ; තමන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින්වන කෙහෙල්බද්දර පද්මේ, තම්මිට අවිශ්ක , කමාන්ඩෝ සලින්ත මෙන්ම ගනේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුවන සමිදු දිල්ෂාන් පියුමංග යන අයගේ අනුගාමිකයෙක් බවයි.

මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සඟවා ඇති අවි ආයුධ කිහිපයක් පිළිබඳව ද තොරතුරු අනාවරණය කර තිබෙනවා.

එම තොරතුරුවල අනුව පන්නල ප්‍රදේශයේ සඟවා තිබිය දී විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සහ පතුරම් ගැබ් එකක් සමග ජීව උණ්ඩ 06ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

සැකකරු හෙට (11) දිනයේ මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?