රටින් පැන්න සැකකරු යළි ගෙන්වා ගත් මෙහෙයුම

ශ්‍රී ලංකාවේ අධිකරණ දෙකක් මගින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ පුද්ගලයෙකු ඉන්දියාවට පළා යමින් සිටියදී ගුවන් යානය තුළ රඳවා ගෙන යළිත් මෙරටට ගෙන්වා ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත් වී තිබෙනවා.

45 හැවිරිදි සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුට එරෙහිව පේදුරුතුඩුව සහ මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණ මගින් රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබෙන බව සඳහන්.

එසේ තිබියදී ඊයේ (29) රාත්‍රී 11.45ට ඉන්දියාවේ මුම්බායි වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 141 දරන ගුවන් යානයට ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

සැකකරු මෙම ගුවන් යානය පිටත්වීමට ආසන්න වන විට ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළු වෙත පැමිණ නිලධාරීන් කිසිවෙකු නොමැති ස්ථානයක් බලා ඒ අතරින් රිංගා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ආගමන විගමන නිශ්කාශන කටයුතු කර ගැනීමට පැමිණ සිටි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් විසින් මෙය දැක ආගමන විගමන නිලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම කාන්තාව සමග ආගමන විගමන නිලධාරීන් මෙම පුද්ගලයා සොයා ගිය ද ඔහු ඒ වනවිට අදාළ ගුවන් යානය වෙත ගොස් තිබූ බව සඳහන්.

පසුව මෙම නිලධාරීන් ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයාට මේ සම්බන්ධයෙන් දැනුම්දී ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර සැකකරුගේ ගුවන් ගමන් බලපත්‍රය සහ ගුවන් ප්‍රවේශ පත්‍රය පරිගණක පද්ධතිය මගින් ලබා ගෙන පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ සැකකරු ගුවන් ගමන් තහනම් දෙකක් ඇති පුද්ගලයෙකු බවටයි.

ඒ අනුව කටුනායක ගුවන් ගමන් පාලන මෙහෙයුම් මැදිරිය අමතා මේ තොරතුරු දැනුම් දී තිබූ අතර ඒ වනවිටත් මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් සීමාවෙන් ඉන්දීය ගුවන් සීමාවට ඇතුළු වී තිබුණා.

පසුව කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් ගුවන් මෙහෙයුම් කළමනාකරු මගින් මේ පිළිබඳ ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා, මුම්බායි ගුවන් තොටුපොළ මෙහෙයුම් කළමනාකරු සහ එරට ගුවන් ගමන් මෙහෙයුම් පාලන මැදිරිය දැනුවත් කිරීමට ද කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකාර ගුවන් මගියා අද ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 142 දරන ගුවන් යානයෙන් ආපසු රැගෙන පැමිණ කටුනායක ආගමන විගමන නිලධාරීන් වෙත භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.

සැකකරු ගුවන් තොටුපොළ විගමන කවුළුව වෙත නොපැමිණිය ද ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයෙහි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන මුද්‍රාව සටහන් වී තිබූ බව සඳහන්.

අත් අඩංගුවට ගත් මෙම ගුවන් මගියා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?