රනිල් වික්‍රමසිංහ කියන්නේ එදා මෙදා දුර දේශපාලන ඉතිහාසයේ හිටපු දක්ෂ දුරදක්නා නුවණ ඇති නායකයෙක්.
දේශපාලන මතවාදය කෙසේ වුවත් ඔහුගෙන් ඉගෙන ගන්නට ඇති පාඩම් බොහෝය.
ඔහු අවසාන වරටත් කිසිවෙකුත් භාර නොගත් බංකොලොත් වූ ලංකාව නැවතත් පණ ගැහෙන තැනක් බවට පත් කරමින්, වර්තමාන ජනාධිපති අනුර කුමාර මහතා වෙත රට භාර දෙමින් ඔහු ප්‍රකාශ කළේ ද, “මම මෙතෙක් වැල් පාලමෙන් පරිස්සමින් ගෙනා දරුවාගේ වගකීම අද සිට ඔබට භාරයි” යන්නයි.
ඉතින්, එලෙස තම අනුප්‍රාප්තික ධුර කාලයෙන් අවසන් වරට සමු ගන්නා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුමන්, පසුගිය දවසක Music Video වකට ප්‍රථම වරට සහභාගී වී ඇති බවට මේ වන විටත් සමාජ ජාලා වල වැඩි වශයෙන් කතා බහට ලක් වනවා.
ආරංචිමාර්ග සදහන් කරන පරිදි මෙම Music Videoව අද (24) සවස නිකුත් වීමට ද නියමිතයි!
කෙසේ වූවත් මේ අවස්ථාවේ ලංකාවේ මෙතෙක් නොවූ විරෑ ලෙස සිදු වෙමින් පවතින මහා පාර්ලිමේන්තු මැතිවරණ කාල සීමාව තුළ එතුමන් ගත් මෙම පියවර ගැන බොහෝ දෙනා විවිධ අදහස් පළ කළ තිබුණා.
මන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ද මීට පෙර, අපි හොඳින් හඳුනන වස්ති Youtube Music Videoවකට රංගනයෙන් දායක වී තිබුණේ ද ඔහුගේ ධුර කාලයෙන් අනතුරුවයි.
ඉතින් කෙසේ හෝ මෙම නිකුත් වීමට ඇති Music Video ව පිළිබදව බොහෝ දෙනාගේ අවධානය දැනටමත් දිනාගෙන අවසන්.
එමෙන්ම හිටපු ජනපතිවරයෙක් මෙන්ම තවමත් දේශපාලනයේ සක්‍රීය ක්‍රියාකරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහයන් මෙලෙස Music Videoවකට සහභාගී වීම, වික්‍රමක් ලෙස ඉතිහාසගත වනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු!