AFC Banner
Empty Ad
Empty Ad

රටම ගිනි ජාලාවක් වීමෙන් පසු හයිටි අගමැති ඉල්ලා අස්වීමේ තිරණයක

හයිටි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඉල්ලා අස්වීමට එකඟ වී ඇති බව කැරිබියන් රාජ්‍ය සමුහයේ සභාපතිවරයා පවසනවා.


එරට වත්මන් ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් සති කිහිපයක් තිස්සේ පවතින නොසන්සුන්කාරී තත්වයන් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

හයිටි රාජ්‍යයේ පවතින මෙම දේශපාලන අස්ථාවර බව පිළිබද සාකච්චා කිරීම සදහා එරට ප්‍රාදේශීය නායකයින් ඊයේ (11) දිනයේ ජැමෙයිකාවේදී රැස් වීමෙන් අනතුරුව අදාළ තීරණය ගෙන ඇති බවද බිබිසී පුවත් සේවය වාර්තා කළා.

2021 වසරේ ජූලි මාසයේදී එරට හිටපු ජනාධිපතිවරයා ඝාතනය වූ දිනයේ සිට අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි හයිටි රාජ්‍යයේ පාලනය සිදු කරනු ලැබුවා.

එමෙන්ම හයිටි රාජ්‍යයේ වතමන් අගමැතිවරයා හට මේ වන විට නැවත සිය රටට පැමිණීමට නොහැකිව සිටින අතර ඒ එරට ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාර නිසා ඔහු රැගත් ගුවන් යානය ගොඩබෑම අත්හිටුවීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?