රටම කතා වූ SI මහත්තයාට ස්ථාන මාරුවක් ලබාදුන් කතාව බොරුවක්

සිරි දළඳා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිමේ රැඳී සිටින බැතිමතුන්ට ධර්මය පිළිබඳව දැනුම්වත් කිරීම් සිදුකරන පොලිස් පරීක්ෂකවරයෙක් පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පසුගිය දා සංසරණය වුණා.

කෙසේ වෙතත් එම පොලිස් නිලධාරියාට ස්ථාන මාරුවීමක් ලබාදී ඇති බවට පුවතක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙහි සත්‍යතාවය පිළිබදව දසත නිවුස්; පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගගෙන විමසා සිටියා.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ පොලිස් නිලධාරියට එවැනි ආකාරයේ ස්ථාන මාරුවීමක් පොලිස් දෙපාර්තමේන්තුව මඟින් ලබා දී නොමැති බවයි.

සිරි දළඳා වන්දනාවේ ආරක්ෂක රාජකාරී සඳහා යොදවා සිටි අදාළ පොලිස් නිලධාරියා පසුගිය දින කිහිපයේ රාජකාරී කටයුතු කළ ස්ථානයෙන් වෙනත් තැනකට, සිරි දළඳා වන්දනාවේ රාජකාරී වෙනුවෙන් යොමුකිරීමක් පමණක් සිදුකර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අදාළ නිලධාරියා සිරි දළඳා වන්දනාවේ ආරක්ෂක රාජකාරී කටයුතුවලින් ඉවත්කර වෙනත් පොලිස් ස්ථානයකට හෝ වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරුවීමක් ලබාදීමක් කිසිසේත්ම සිදුකර නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග වැඩිදුරටත් අවධාරණය කළේ.

දැක්මේ ජනතාවට ආර්ය අෂ්ටාංගික මාර්ග පිළිබඳ ව දැනුම ලබාදුන් S I මහත්තයාට හදිසි ස්ථාන මාරුවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
5
+1
2
+1
2
+1
2
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22