රටම කතා වූ කිරිබත්ගොඩ අමානුෂික පහරදීමට පෙම්වතෙක් අත්අඩංගුවට

මහා මාර්ගයක දී පිරිසක් විසින් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ (26) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

කිරිබත්ගොඩ නගරයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි පසුව තොරතුරු වාර්තා වුණේ.

ඒ, අනුව මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් අරඹා ඇති අතර, එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක්වූ පුද්ගලයා පුද්ගලික ආයතනය හිමිකරුවෙක් ලෙස කටයුතු කරන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

එම පුද්ගලයා තම ආයතනයේ සේවය කරනු ලබන තරුණියක් සමඟ ආයතනයේ කටයුත්තක් සඳහා කඩවත ප්‍රදේශයට මෝටර් රථයකින් ගොස් තිබෙනවා.

එම සිදුවීමට ආයතනයේ හිමිකරු සමඟ තරුණියයේ පෙම්වතා බව කියන පුද්ගලයා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එය දුරදිග යාමෙන් ඇති වූ විරසකය මත අදාළ පෙම්වතා තවත් පුද්ගලයෙකු සමඟ පැමිණ එම පුද්ගලික ආයතනයේ හිමිකරුට ඊයේ (26) මෙලෙස මහ මඟ දී පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම සිද්ධියට තරුණියගේ පෙම්වතා බව කියන පුද්ගලයා සහ ඔහු සමඟ පහරදීමට පැමිණි අනෙක් පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22 සහ 24 යන වයස්වල පසුවන මාකොළ සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

කිරිබත්ගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
14
+1
105
+1
13
+1
11
+1
4
+1
47
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15