රටම කතා වූ කිරිබත්ගොඩ අමානුෂික පහරදීමට පෙම්වතෙක් අත්අඩංගුවට

මහා මාර්ගයක දී පිරිසක් විසින් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ (26) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

කිරිබත්ගොඩ නගරයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි පසුව තොරතුරු වාර්තා වුණේ.

ඒ, අනුව මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් අරඹා ඇති අතර, එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක්වූ පුද්ගලයා පුද්ගලික ආයතනය හිමිකරුවෙක් ලෙස කටයුතු කරන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

එම පුද්ගලයා තම ආයතනයේ සේවය කරනු ලබන තරුණියක් සමඟ ආයතනයේ කටයුත්තක් සඳහා කඩවත ප්‍රදේශයට මෝටර් රථයකින් ගොස් තිබෙනවා.

එම සිදුවීමට ආයතනයේ හිමිකරු සමඟ තරුණියයේ පෙම්වතා බව කියන පුද්ගලයා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එය දුරදිග යාමෙන් ඇති වූ විරසකය මත අදාළ පෙම්වතා තවත් පුද්ගලයෙකු සමඟ පැමිණ එම පුද්ගලික ආයතනයේ හිමිකරුට ඊයේ (26) මෙලෙස මහ මඟ දී පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම සිද්ධියට තරුණියගේ පෙම්වතා බව කියන පුද්ගලයා සහ ඔහු සමඟ පහරදීමට පැමිණි අනෙක් පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22 සහ 24 යන වයස්වල පසුවන මාකොළ සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

කිරිබත්ගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
14
+1
105
+1
13
+1
11
+1
4
+1
47
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?