Empty Ad
AFC Banner
Empty Ad

රටම කතා කළ, ගිනිගත් නැව ගැන අලුත්ම කතාවක් එළියට එයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ නිළධාරීන් 7 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය නියෝග කළේ මොවුන් රුපියල් ලක්ෂ 25ක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි.

අද පෙරවරුවේ මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය නිසි පරිදි ඇසුරුම් සම්බන්ධයෙන් වූ කරුණු වසන් කිරීමේ චෝදනාව මතයි. පසුව දහවල් කොළඹ මහේස්ත්‍රතේ අධිකරණයට මොවුන් ඉදරිපත් කෙරුණා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ මාලික් අසීස් කියා සිටියේ පසුගිය මැයි මස 19 වනදා මෙම නෞකාවේ කපිතාන්වරයා ඇතුලු කාර්ය මණ්ඩලය විසින් දේශීය නියෝජිත ආයතනයට එහි බහාලුමක නයිට්්‍රක් අම්ල කාන්දුවක් ඇති බවට දැනුම් දී තිබූ බවයි.

නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට පෙර නෞකාවේ අන්තරායකර ඇසුරුම් පිළිබඳ වාර්තාවක් හාබර් මාස්ටර්ට ලබා දිය යුතුයි.

ඒ අනුව කපිතාන්වරයා ඒ බව දැනුම් දී තිබියදී දේශීය සමාගම එම තොරතුරු වසන් කර නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහාලුම් නිසි ආකාරයෙන් ඇසුරුම් කර ඇති බවට හාබර් මාස්ටර් වෙත දැනුම් දී ඇති බවයි රජයේ අධි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ.

කෙසේ වෙතත් සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ නිළධාරීන් 7 දෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ ප්‍රකාශ කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පසුගිය 19 වනදා පැමිණියද එහි නයිටි්‍රක් අම්ල කාන්දුව 11 වනදා සිට පැවති බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් තම සේවාදායක සමාගම දැන නොසිටි බවද ඔහු ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් මෙහි වැරැද්ද සිය සේවාදායකයින්ට ගැනීමට නොහැකි බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ.

මෙම දේශීය සමාගමේ සභාපතිවරයා වන අර්ජුන හෙට්ටිආරච්චි, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුලු සැකකරුවන් පස්දෙනෙකු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර, ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 12 ක්.

මේ අතර ගිනිගත් නෞකාවෙන් මුහුදට එක්වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත මළු අද දිනයේදී අඟුලාන සහ උස්වැටකෙයියාව යන මුහුදු තීර වෙත ගොඩගසා තිබුණේ අයහපත් කාලගුණයත් සමඟ මුහුදේ ඇතිවූ රළු ස්වභාවය හේතුවෙන්.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ මලු ඇතැම් පුද්ගලයින් විසින් රැගෙන ගිය බවයි.එමෙන්ම නෞකාවෙන් මුහුදට එක්වූ කුඩා ප්ලාස්ටික් කැට විශාල වශයෙන් අද බටහිර වෙරළට ගොඩගසා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
08:52:42
Video thumbnail
බටලන්ද ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව - මගේ අතට තු#ක්කුව දීලා තියපන් කිව්වා
15:18
Video thumbnail
බදුල්ලේ අල ගොවිය වෙනුවෙන් චාමර හඬ අවදි කරයි
06:35
Video thumbnail
යකෝ මේ වගේ බූරු පුත්තු - ගහන එක ගහපන්කෝ පොඩ්ඩක් ලොකුවට
10:01
Video thumbnail
මහින්දව නගරාධිපති කරන්න නුවරඑළියේ මිනිස්සු පොර කයි - මහින්දව ඉල්ලලා පාරේ නිදියයි
13:01
Video thumbnail
සුනිල් වටගල රාජ්‍ය නිළධාරීන් ඉදිරියේ කිව්ව අමුතු කතාව
01:59
Video thumbnail
රත්නපුරෙන් පිපෙන නාමල් - අපේ අපේක්ෂත්වයට මිනිස්සු පොරකනවා
03:06
Video thumbnail
නේවාසිකාගාරවල ආරක්ෂාවක් නෑ - දොස්තරවරු අවදානමක
05:08
Video thumbnail
සෙව්වන්දි ඝාතනය වුණාද ? ඝාතනය කළාද ? සුගීශ්වර මාධ්‍ය හමුවේ ආණ්ඩුව ෆ්ලැට් කරයි
23:17
Video thumbnail
ඇය සතුටින් - දික්කසාදයෙන් පසු හිරුණිකා ප්‍රථම වරට මාධ්‍ය අමතයි #hirunika_premachandra
19:13

?