රටම කතා කළ කුරියර් වංචාවේ සුළමුළ හෙළි වෙයි

වටිනා බඩු භාණ්ඩ නැති වී ඇතිනම් ඒ පිළිබඳව ඔබ අදම පොලිසිය දැනුවත් කරන්න…

සීසීටීවී නැති ස්ථානවලදී එම පාර්සලය සොරකම් කරනවා…

අමිල එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික තරුණයෙකි. ඔහු මෙරට ජීවත්වන පෙම්වතිය සමඟ දිනක් මෙලෙස කතාබස් කළහ.

 ”බබා මේ කොරෝනා නිසා මට ලබන මාසෙ එන්න වෙන්නේ නෑ.”

 ”අනේ කොහොමහරි එන්න එක සෙලිබ්‍රේට් කරන්න.”

 ”හරි බබා එක මම දන්නවා. ඒත් කරන්න දෙයක් නැහැනේ. අපි ඊළඟ පාර ඒක හොඳට සෙලිබ්‍රේට් කරමු.”

 ”කමක් නෑ ඒත් මං තරහයි.”

 ”තරහ වෙන්න එපා. මම ඔයාට බර්ත්ඬේ එකට ප්‍රසන්ට් එකක් ගත්තා.”

 ”ඒ මොකක්ද?”

 ”ලේටස්ම ඇපල් ෆෝන් එකක්.”

 ”ෂා නියමයිනෙ. මම ගොඩක් ආසයි එකට. ඒත් ඉතින් පාවිච්චි කරන විදියක් නෑනේ මට.”

 ”ඇයි ඒ.?”

 ”ඔයාට එන්න වෙන්නේ නෑනේ.”

 ”මට එන්න වෙන්නේ නෑ ඒත් මම ෆෝන් එක ඔයාට එවනවා. කුරියර් කරලා.”

 ”ඔච්චර වටින එකක්.”

 ”ඒක ප්‍රශ්නයක් නැහැ.”

 ”අනේ මට නම් විශ්වාස නැහැ. කුරියර් සර්විස්වල එවන බඩු ඕන තරම් නැති වෙනවලූ.”

 ”හැම එකකම එහෙම නැහැ. මම එවන්නම් හොඳම කුරියර් සර්විස් එකේ.”

 ”ඔයාගෙ කැමැත්තක්.”

ඒ අනුව අමිල ලොව ප්‍රසිද්ධ කුරියර් සේවාවක් ඔස්සේ ලක්ෂ ගණනක් වටිනා නවතම ඇපල් ජංගම දුරකථනය තම පෙම්වතියට එව්වේය. එලෙස ජංගම දුරකථනය එම ප්‍රසිද්ධ කුරියර් සේවාවට ලබාදී තම පෙම්වතියට එය ලැබෙන දිනයත් අනෙකුත් විස්තරත් ලබා දුන්නේය.

 අමිලගේ පෙම්වතිය ඇඟිලි ගනිමින් සිටියේ ප්‍රසිද්ධ කූරියර් සේවාව ඔස්සේ එම දුරකථනය තම අතට ලැබෙන තුරුය. නියමිත දිනය උදා විය. එහෙත් දුරකථනය ලැබුණේ නැත. ඇය ඒ පිළිබඳව එම කූරියර් සේවා ආයතනයේ ශ්‍රී ලාංකික නියෝජිත ආයතනයට කතා කළාය. ඔවුන්ගෙන් ඇයට සතුටුදායක පිළිතුරක් ලැබුණේ නැත.

 දින කිහිපයක් පසු වුණි. ඇයට ජංගම දුරකථනය ලැබුණේ නැත. ඇය දිගින් දිගටම එම ආයතනයෙන් ඒ පිළිබඳව විමසුවාය. එහෙත් සතුටුදායක පිළිතුරක් නොලැබුණි. අවසානයේ ඇයට එම කුරියර් සේවාවේ කළමනාකරුවකු පැවසුවේ එවැනි දුරකථනයක් තම ආයතන වෙත නොලැබුණු බවයි.

 අවසානයේ ඇය ඒ පිළිබඳව තම පෙම්වතාට දැනුම් දුන්නාය. ඒ අනුව ක්‍රියාත්මක වූ අමිල එම ප්‍රසිද්ධ කුරියර් සේවා ආයතනයේ නිලධාරියකුට තමන්ට වූ අසාධාරණය පිළිබඳව පැවසුවේය. එම නිලධාරියා සියලූ තොරතුරු පරීක්ෂා කර පැවසුවේ ශ්‍රී ලංකාවට එම දුරකථනය සහිත පාර්සලය ලැබී ඇති බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් සොයා බලන බවද එම නිලධාරියා අමිලට පැවසුවේය.

 අමිලගේ පෙම්වතිය මේ පිළිබඳව මෙරට කුරියර් සේවා ආයතනයට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දැමුවාය. පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ. එහිදී පොලිස් නිලධාරීන්ට මෙරට කුරියර් සේවා ආයතනයේ කළමනාකරුවකු ගැන සැක සිතුනි. එම සැක සිතූ කළමනාකරුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය.

 පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ දී තවදුරටත් ඔහුට නිහඬව සිටීමට නොහැකි විය. ඔහු එම ජාවාරම පිළිබඳ සියලූ තොරතුරු පොලිස් නිලධාරීන් හට පැවසුවේය. ඒ මෙලෙසින්ය.

 ”සර් මම දැන් ඇත්ත කියන්නම්. අපේ ආයතනයෙන් වංචාවක් සිදු වෙනවා. අපි ඒක කරන්නේ මෙහෙමයි.”

 ”අපි ප්‍රසිද්ධ කුරියර් සර්විස් ආයතනවල ශ්‍රී ලාංකික නියෝජිතයා. ඒක නිසා විදෙස් රටවල සිටින අය එවන භාණ්ඩ මෙහෙදි අපි තමයි අදාළ නිවෙස්වලට, ආයතනවලට බෙදාහරින්නේ.”

 ”එලෙස එවන භාණ්ඩ සහ පාර්සල්වල සියලූ විස්තර අප වෙත ලැබෙනවා. ඉතින් අපි කරන්නේ වටිනා භාණ්ඩ එම පාර්සල්වලින් අපි හොර රහසේ ගන්නවා.”

”ඒ ගන්නේ ඉතා සූක්ෂම ලෙස. ඒකට අපේ සේවකයෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. විදෙස් රටක සිට පාර්සලය ගුවන්තොටුපලට ආවහම සීසීටීවී නැති ස්ථානවලදී එම පාර්සලය සොරකම් කරනවා. නැත්නම් එහි ඇති වටිනා දේ අපි ලබාගන්නවා. එතකොට එම පාර්සල් ගුවන් තොටුපළට නොලැබුණු ඒවා ලෙස සඳහන් වෙනවා.”

 ”එතකොට අපිට ප්‍රශ්නයක් වෙන්නැහැ. කස්ටමර් පාර්සලය නැතිවීම සම්බන්ධයෙන් අදාළ කුරියර් සර්විස් ආයතනයට දැනුම් දෙනවා. ඒ පිළිබඳ ඔවුන් පරීක්ෂණයක් සිදු කරලා නැවත මුදල් ලබා දෙනවා නැත්නම් එම ආයතනයේ රෙගුලාසිවලට අනුව කටයුතු කරනවා.”

 ”වසර ගණනක සිට අපි මේ ජාවාරම සිදු කෙරුවා. ඒ සඳහා අප ආයතනය තවත් කළමනාකරුවකු සහ සේවකයින් තුන්දෙනෙක් සම්බන්ධ වුණා.”

 සැකකරු පැවසූ ආකාරයට විදෙස් රටවල සිට කූරියර් සේවා ඔස්සේ එවන භාණ්ඩ සහ පාර්සල් නැතිවන්නේ සහ එහි සමහර භාණ්ඩ සොරකම් කරන්නේ ඒ අයුරින්ය.

 සැකකරුගේ ප්‍රකාශයට අනුව මෙම ජාවාරම සම්බන්ධයෙන් එම කූරියර් සේවා ආයතනයේ තවත් කළමනාකරුවකු සහ තවත් සුළු සේවකයෙක් තුන්දෙනෙක් අත්අඩංගුවට ගත්හ. එලෙස එම සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් ළඟ තිබී සොරකම් කරන ලද ඇපල් වර්ගයේ දුරකථන 19ක්ද සොයා ගත්තේය. ඒ සියලූම දුරකථන ඔවුන් සොරකම් කර තිබුණේ විදෙස් රටවල සිට එවන ලද පාර්සල්වල තිබියදීය. වසර ගණනක සිට මෙම ජාවාරම සිදුකර ඇති අතර එලෙස සොරාගන්නා ලද වටිනා භාණ්ඩ විකුණා ලක්ෂ ගණන් මුදල් මොවුන් උපයාගෙන තිබේ.

 සැකකරුවන් සියලූ දෙනා මීගමුව අධිකරණයට ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ දින දෙකක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

කූරියර් සේවා ආයතනවලින් ගෙන්වාගත් වටිනා බඩු භාණ්ඩ නැති වී ඇතිනම් ඒ පිළිබඳව ඔබ අදම පොලිසිය දැනුවත් කරන්න. බොහෝ දුරට නැති වූ ඔබගේ එම වටිනා බඩු බාහිරාදිය සොරා ගෙන ඇත්තේ එම ආයතනවල මෙරට නියෝජිතයන් වීමට පුළුවන.

දිවයින

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43
Video thumbnail
ක්‍රිකට් නිසා කුපිත වුණ ප්‍රවීණ නළුවෙක් හොඳටම දෙසයි..අපිට ක්‍රිකට් කියන්නේ ආගමක්
00:58
Video thumbnail
ජනාධිපතිතුමාත් ගංගාරාමයට එයි
02:20
Video thumbnail
සිවිදෙනෙකු රෝහල් ගතකළ බදුල්ලේ මහ ගින්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා ගිහින්
01:29
Video thumbnail
නිදහස් දිනයේ උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35


?