AFC Banner
AFC Banner
Empty Ad

රටම කතාවෙන වත්තල වෙඩි තැබීමේ ඇත්තම කතාව එළියට

නේවි රුවන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වත්තල නගරයේදී මෝටර් රථයකින් පලාගොස් තිබෙනවා.මොවුන් සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පසුව ඔහුගේ මෝටර් රථය පෑලියගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත්තා.

මෙම නේවි රුවන් නැමැති තැනැත්තා වත්තලට පැමිණ ඇත්තේ ඔහුගේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් හමුවිමටයි ඔහු පැමිණ ඇත්තේ ඔහුගේ තවත් සමිපතයෙකු සමගයි.එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලීම සිදුකළා. එහිදී, සැකකරුවන් පලාගොස් තිබූ අතර, වෙඩි තැබීමක් ද සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙලෙස 31 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචි රුවන් චින්තක නොහොත් හරක් කටා සහ 24 හැවිරිදි තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙලෙස හඳුනා ගත් බවයි. රුවන් චින්තක නොහොත් හරක් කටා මියගිය පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන පෙලේ ගෝලයෙක්. ඔහු මේ වනවිට විදේශ ගතව සිටිනවා.

අද උදෑසන හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් වෑන් රථය ඉමදූව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස ගැලනිගම පිටවුමෙන් හොරණට පැමිණ තිබුණා. එහි තිබී හෙරොයින් කිලෝ 45 යි ග්‍රෑම් 376 ක් සොයා ගත් අතර, සිද්ධියට අදාළ වෑන් රථය යුද හමුදාව කුලී පදනම ලබා ගත් වෑන් රථයක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දඹුල්ල යුද හමුදා කඳවුරට අනුයුක්තව ලාන්ස් ක්‍රෝපල්වරයෙකු දින 7ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දුන්නා

මේ සම්බන්ධ පල වු පෙර පුවත

වත්තල දැන් සිදුවූ වෙඩි තැබීම

යුද හමුදාවට අයත් සුඛෝපභෝගී වෑන් රථයකින් මත්කුඩු කිලෝ 45කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරලා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?