රටම කතාකල ජපන් තරුණිය සෝරාල සිය කුළුදුල් දරු පැටවා බිහි කරයි

කාගෙත් කතාබහට ලක්වුණු ජපන් ජාතික තරුණියක්, මෙරටට රැගෙන ආ කසුන්, පෙරේදා පිය පදවිය ලබා තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලකදී යි.සෝරා නම් මෙම ජපන් ජාතික තරුණිය, කසුන් විසින් මෙරටට රැගෙන විත් තිබුණේ දැඩි නීති රෙගුලාසි පවා උල්ලංඝනය කරමිනුයි.

කෙසේ නමුත් මෙම පෙම්වතුන් යුවළ කාලයක් ගත වූ පසු, පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ වන විටත් සෝරා ගැබ්ගෙන සිටි බවයි වාර්තා වුනේ. බාලවයස්කාර තරුණියක් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් කසුන්ට චෝදනා එල්ල වුණා. එම තරුණිය සඟවාගෙන සිටි බවට කසුන්ගේ මවට හා නැගණියටත් චෝදනා එල්ල වුණා.

මොවුන් සියලු දෙනාම මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ද ගනු ලැබුවා. ඒ පිළිබඳව නඩු කටයුතු තවදුරටත් පැවැත්වෙනවා. තම දියණියව කසුන් විසින් බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති බවට සෝරාගේ මව විසින්, ජපාන පොලිසිය හරහා මෙරට පොලිසියට පැමිණිලි කර තිබුණා.

මොවුන් අත්අඩංගුවට පත් වෙන්නේ එම පැමිණිල්ල අනුව යි.

පොලිස් අත්අඩංගුවට පත් ගැබ්ගෙන සිටි සෝරා අධිකරණය විසින්, පරිවාස භාරයට පත් කරනු ලැබුවා. දරු ප්‍රසූතියට සතියකට පමණ පෙර උසාවිය මඟින් සෝරාව නැවතත් කසුන්ට ලබා දී තිබෙනවා. ඒ අනුව, මීට දින තුනකට පෙරදී සෝරා තම කුළුඳුල් දරුවා මෙලොවට බිහි කර තිබෙනවා. ඒ පිරිමි දරුවෙක්.

මෙම සම්බන්ධයට දැඩි විරුද්ධව සිටි සෝරාගේ මව, මේ වන විට මෙම දෙපළට ආශිර්වාද කරමින්, සෝරාගෙත් දරුවාගෙත් සියලු වියදම් පවා ලබා දී ඇති බව කසුන්ගේ මව හිරුට පැවසුවා. කෙසේ වෙතත්, තවමත් මොවුන් විවාහ වී නැහැ. ඊට හේතු වී ඇත්තේ සෝරා තවම බාලවයස්කාර දැරියක වීමයි.

නමුත් ජපානයේ නීතියට අනුව, සෝරාගේ වයස විවාහ වීමට බාධාවක් නොවේ.

ඒ අනුව, සෝරාගේ මව විසින් මේ වන විටත් ජපානයේ නීතියට අනුව මොවුන් ව විවාහ කර දීමට අවශ්‍ය සියලු නීතිමය පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා. ජපානයේ විවාහ සහතිකයත් තානාපති කාර්යාලය හරහා මෙරටට එවා ඇති බව ද සඳහන්.

එම විවාහ සහතිකය මෙරට අධිකරණය විසින් පිළිගත් පසුව මෙරට පිහිටි ජපන් තානාපති කාර්යාලයේදී මෙම සුන්දර විවාහ ගිවිස ගැනීම පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
57
+1
9
+1
164
+1
7
+1
0
+1
8
+1
111
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07