රටට ඕන නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් – සජබ ආණ්ඩුවකින් ක්‍රිකට් වනසන්නේ නෑ

ක්‍රිකට් අර්බුදය භාවිතා කර ඇතැම් දේශපාලකයින් මැතිවරණවලට මුදල් හොයා ගන්නා බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක පවසනවා.

අද (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ.

ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට විශ්‍රාමලත් විනිසුරුවරු තුන්දෙනෙක් පත් කිරීමට ක්‍රීඩා ඇමතිවරයා පියවර ගෙන ඇත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයින්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුවකින් වීමට හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

සෑම ක්‍රීඩාවක් ම නිර්දේශපාලනීකරණය විය යුතු බවත්; සමගි ජනබලවේග රජයක් යටතේ කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් කිසිදු ක්‍රීඩාවකට සිදු නොවන බවත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අවධාරණය කළා.

රටේ ක්‍රීඩාවට නව යුගකයක් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ලබාදීමට කටයුතු කරන බවයි නිරෝෂන් පාදුක්ක වැඩිදුරටත් පැවසුවේ.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට හැකි දැයි මාධ්‍යවේදියා යොමු කළ ප්‍රශ්නයට ද හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ අර්ජුන රණතුංගගේ ක්‍රිකට් දැනුම හා නිර්භීතකම අගය කළ ද, බොහෝ දෙනෙක් ඔහුට අකමැති බවයි.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්දයකින් අර්ජුන රණතුංගට දිනීමට නොහැකි බවත්, රටට අවශ්‍ය වන්නේ නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් බව ද පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22