රටට ඕන නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් – සජබ ආණ්ඩුවකින් ක්‍රිකට් වනසන්නේ නෑ

ක්‍රිකට් අර්බුදය භාවිතා කර ඇතැම් දේශපාලකයින් මැතිවරණවලට මුදල් හොයා ගන්නා බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක පවසනවා.

අද (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ.

ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට විශ්‍රාමලත් විනිසුරුවරු තුන්දෙනෙක් පත් කිරීමට ක්‍රීඩා ඇමතිවරයා පියවර ගෙන ඇත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයින්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුවකින් වීමට හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

සෑම ක්‍රීඩාවක් ම නිර්දේශපාලනීකරණය විය යුතු බවත්; සමගි ජනබලවේග රජයක් යටතේ කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් කිසිදු ක්‍රීඩාවකට සිදු නොවන බවත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අවධාරණය කළා.

රටේ ක්‍රීඩාවට නව යුගකයක් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ලබාදීමට කටයුතු කරන බවයි නිරෝෂන් පාදුක්ක වැඩිදුරටත් පැවසුවේ.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට හැකි දැයි මාධ්‍යවේදියා යොමු කළ ප්‍රශ්නයට ද හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ අර්ජුන රණතුංගගේ ක්‍රිකට් දැනුම හා නිර්භීතකම අගය කළ ද, බොහෝ දෙනෙක් ඔහුට අකමැති බවයි.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්දයකින් අර්ජුන රණතුංගට දිනීමට නොහැකි බවත්, රටට අවශ්‍ය වන්නේ නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් බව ද පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?