රජය සතු ව්‍යාපාර 7ක කොටස් පැවරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ආර්ථිකයට මූල්‍ය වැය බරක් වී ඇති රජය සතු වාණිජ ව්‍යවසාය අංශය මේ යටතේ ප්‍රමුඛත්වය ලබාදී ප්‍රතිව්‍යුහකරණයට හඳුනාගෙන ඇති බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

වෙළඳපල විකෘතිය ප්‍රකෘති කිරීමට අමතරව මෙම ආයතනවල ඵලදායීතාව ඉහළ නංවා ජනතාවට උසස් තත්ත්වයේ භාණ්ඩ හ ා සේවා ලබා දීම තුළින් මෙම ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය හරහා ඉහළ ආර්ථික සංවර්ධනයක් ළගා කර ගැනීමට රටට හැකිවනු ඇතැයි අපේක්ෂිතයි.

මෙය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකයක් පිහිටුවා තිබෙනවා.

අදාළ ආයතනවල එම නම් පහතින්..

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම
ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී
සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ – ග්‍රැන්ඩ් හයට්)
හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම
ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින් මෙම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම වෙනුවෙන් පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත්කරනු ලබන අතර, එවැනි ගනුදෙනුකාර උපදේශන සමාගම් තෝරාගැනීම කෙටි කාලයකින් ආරම්භ කරනු ඇති බව ද සඳහන්.

Government Decisions
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08