රජය සතු ව්‍යාපාර 7ක කොටස් පැවරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ආර්ථිකයට මූල්‍ය වැය බරක් වී ඇති රජය සතු වාණිජ ව්‍යවසාය අංශය මේ යටතේ ප්‍රමුඛත්වය ලබාදී ප්‍රතිව්‍යුහකරණයට හඳුනාගෙන ඇති බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

වෙළඳපල විකෘතිය ප්‍රකෘති කිරීමට අමතරව මෙම ආයතනවල ඵලදායීතාව ඉහළ නංවා ජනතාවට උසස් තත්ත්වයේ භාණ්ඩ හ ා සේවා ලබා දීම තුළින් මෙම ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය හරහා ඉහළ ආර්ථික සංවර්ධනයක් ළගා කර ගැනීමට රටට හැකිවනු ඇතැයි අපේක්ෂිතයි.

මෙය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකයක් පිහිටුවා තිබෙනවා.

අදාළ ආයතනවල එම නම් පහතින්..

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම
ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී
සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ – ග්‍රැන්ඩ් හයට්)
හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම
ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින් මෙම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම වෙනුවෙන් පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත්කරනු ලබන අතර, එවැනි ගනුදෙනුකාර උපදේශන සමාගම් තෝරාගැනීම කෙටි කාලයකින් ආරම්භ කරනු ඇති බව ද සඳහන්.

Government Decisions
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?