රජයේ හෙද නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

රාජ්‍ය සේවයේ නියුතු ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් වයස අවුරුදු හැටේදී 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ගොනුකොට තිබූ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ජනක් සිල්වා සහ සම්පත් අභයකොන් යන විනිසුරු මඬුල්ල හමුවේ සලකා බැලුණා.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය හෙද සේවයට අයත් විශේෂ ශ්‍රේණිය, හෙද ශ්‍රේණිය -01 සහ විධායක ශ්‍රේණියට අයත් හෙද හෙදියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නියෝගයෙන් අගතියට පත් නීතිපතිවරයා විසින් එම අභියාචනාධිකරණ අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බවත් එය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළා.

ඒ අනුව එම අභියාචනය අද සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බව පැවසූවා.

එම නිසා අදාළ අතුරු තහනම් නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම අභියාචන පෙත්සම විභාගය අවසන් වන තෙක් එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම අභියාචන පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යා ලතා ද සොයිසා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ රුවන්ත කුරේ මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විකුම් ද ආබෲ මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?