රජයේ පාසල් සිසුන්ට අද සිට වසර තුනක් දක්වා රක්ෂණාවරණයක්

අද දිනයේ සිට වසර 03ක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර, එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමින්.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ගිවිසුමට අත්සන් තැබූ අතර, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රියන්ත පෙරේරා අත්සන් තැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 7,112 ක මුදලක් මේ සඳහා ආයෝජනය කර ඇති බවයි.

මෙම රක්ෂණාවරණය මගින් රජයේ හෝ පෞද්ගලික රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ ලෙස රුපියල් 300,000ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ වශයෙන් රුපියල් 20,000ක් සහ අසාධ්‍ය රෝග ප්‍රතිලාභ ලෙස රුපියල් 1,500,000ක් දක්වා ප්‍රතිලාභ හිමිවනවා.

එමෙන් ම අනතුරු රක්ෂණාවරණ මගින් පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාවක දී රුපියල් 200,000ක් ද, සදාකාලික අර්ධ අකර්මණ්‍යතාවක දී රුපියල් 150,000ක් ද, තාවකාලික අකර්මණ්‍යතාවයක දී රුපියල් 25,000 සිට රුපියල් 100,000 දක්වා ද ප්‍රතිලාභ හිමි වන බවත් ජීවිත රක්ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම රුපියල් 180,000කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව ‘අස්වැසුම ‘ වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය, නීත්‍යනුකූල භාරකරු වියෝවක දී සිසු දරුවකු සඳහා රුපියල් 75,000බැගින් ද, එක් මරණයක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රුපියල් 225,000ක් වන බවත් පවුලේ සියලුම සිසුන් අතර එම මුදල සමානව වෙන් කරන බවත් මාපියන් දෙදෙනාගේ ම හෝ නීත්‍යනුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඊට අමතරව පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය සඳහා නොමිලේ කාඩ්පතක් හිමිවන අතර, මෙම රක්ෂණාවරණය ඩිජිටල්කරණය කර තිබීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
43
+1
4
+1
3
+1
5
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32