රජයේ පාසල් නැවත ආරම්භ කරන ක්‍රමවේදයට අදාළ චක්‍රලේඛය අද

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ රජයේ පාසල් නැවත ආරම්භ කරන ක්‍රමවේදයට අදාළ චක්‍රලේඛය අද (09) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව පළාත් මට්ටමින් පාසල් ආරම්භ කිරිමට පියවර ගනිමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පැවසුවේ.

දෙසැම්බර් 16 වන දින පාසල් නැවත විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ අවසන් අදියර ඊයේ (දෙසැම්බර් 08) දිනය ආරම්භ වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් එය දෙසැම්බර් 16 වන දිනය දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා.

මේ අතර අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සියල්ල ජනවාරි මසයේදී පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
4
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?