රජයේ නිලධාරීන්ගේ උත්සව අත්තිකාරම් මුදල ඉහළ දැමේ

රජයේ නිලධාරීන්ට ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ගෙවීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නිලධාරියෙකුට තෛපොංගල්, රාමසාන්, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, වෙසක්, දීපාවලි සහ නත්තල් වැනි උත්සව අවස්ථා සඳහා සහ වන්දනා ගමන් සඳහා ( ශ්‍රී පාද වන්දනාව සහ හජ් වන්දනාව වැනි) අත්තිකාරම් වශයෙන් රුපියල් 10,000ක් ලබාගැනීමට මේ වනවිට හැකියාව පවතිනවා.

එම අත්තිකාරම් මුදල පොළි රහිතව මාසික කොටස් 08 කින් හෝ අවශ්‍ය වුවහොත් ඊට කලින් හෝ අයකර ගැනීම සඳහා විධිවිධාන සලසා ඇත.

රජයේ නිලධාරීන්ගේ උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000ක් දක්වා වැඩි කිරීමට 2026 අයවැය මඟින් යෝජනා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
2
+1
15
+1
0
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?