රජය ණය නොගෙ වූ නිසා පොහොර සැපයුම්කරුවන් ගොවීන්ගෙන් හූරා කාලා

2021 මහ කන්නයේ සිට මෙරට ගොවීජනතාවට ලබාදීමට ආනයනය කරන ලද කාබනික හා රසායනික පොහොර සඳහා පොහොර සැපයුම්කරුවන්ට ණය වශයෙන් ගෙවීමට තිබූ මුදලින් රුපියල් මිලියන 18,000ක් මේ වනවිට ගෙවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

තවත් රුපියල් මිලියන 2000ක් පමණ මුදලක් එම සැපයුම්කරුව වෙත ගෙවීමට ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (25) පස්වරුවේ කාෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති පොහොර සැපයීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළා.

2022 යල කන්නයේ දී පුද්ගලික අංශය විසින් යූරියා පොහොර මිටියක් රුපියල් 40,000කට ආසන්න මුදලකට අලෙවි කරනු ලැබුවේ ඔවුන්ට රජයෙන් අය විය යුතු ණය මුදල් නොගෙවීම හේතුව නිසා බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.

ඒ, අනුව එම පොහොර සැපයුම්කරුවන්ට රජයෙන් අය විය යුතු මුදල රටේ ගොවීන්ගෙන් අය කිරීමට වැඩි මුදලට යුරියා පොහොර අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ වනවිට ඔවුන්ට ගෙවීමට තිබු ණය මුදල්වලින් සියයට 90කටත් වඩා රජය විසින් ගෙවා දැමීමත් සමඟ මේ වනවිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට හැකියාව ලැබී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ලබන මස මුල් සතියේ මෙරටට ලැබෙන යූරියා පො‌හොර මෙට්‍රික් ටොන් 31,200ක තොගයත් සමඟ ඩොලරයට‌ සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය සහ ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල අඩු වීමේ වාසිය ගොවි ජනතාවට ලබාදීමට රජය කටයුතු යොදා ඇති අතර, ඒ අනුව යූරියා පොහොර මිටියක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?