රජයට බුද්ධි තොරතුරු ලැබී තිබුණේ නම්; අමෙරිකාව අනතුරු අඟවනකම් ඉන්න අවශ්‍ය නෑ – කංචන විජේසේකරගෙන් සැර ප්‍රකාශයක් (නිවේදනය)

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රකාශය අනුව ඔක්තෝබර් 19-23ත් අතර කාලයේ දී මෙරට ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී අමෙරිකානු තානාපති කාර්‍යාලයෙන් එරට පුරවැසියන්ට ශ්‍රී ලංකාව තුළ සංචාරය නොකරන ලෙසට දැනුම්දෙන තෙක් වත්මන් රජය සහ ආරක්ෂක අංශ නිලධාරීන් මීට පෙර ආරක්ෂාව තර නොකළේ ඇයි දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා ප්‍රශ්න කරනවා.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරමින් සඳහන් කර ඇත්තේ; අමෙරිකානු තානාපති කාර්‍යාලය සහ අනෙකුත් විදේශ දූත මණ්ඩලවල අනතුරු ඇඟවීමේ ප්‍රකාශ පුරවැසියන් වෙත දැනුම්දෙන තුරු කිසිදු සංචාරක ප්‍රදේශයක ආරක්ෂක නිලධාරීන් හෝ සන්නද්ධ හමුදාවක් නොසිටි බවත් එය දැඩි කනස්සල්ලක් බවයි.

වැඩබලන පොලිස් ප්‍රධානියාගේ ප්‍රකාශය අනුව, ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකා රජයට ලැබී ඇති අතර, එය ආරක්ෂක මණ්ඩල රැස්වීම් කිහිපයකදී සාකච්ඡා කර, විමර්ශනය කර, පූර්වාරක්ෂාව ගත් බවටයි හෙළි වූයේ.

නමුත් එය යථාර්ථය නොවන බවයි හිටපු මන්ත්‍රී කංචන විජේසේකර සඳහන් කරන්නේ.

රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල හමුවක් කැඳවා ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සහ එවැනි තර්ජනයක් වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳ ව දැනුවත් කිරීමට රජය අපොහොසත් වූයේ කුමන කාරණයක් හේතුවෙන් දැයි කංචන විජේසේකර මහතා විමසනවා.

ජාතික ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය කිසිවිටෙක සැහැල්ලුවට නොගත යුතු නමුත් සංචාරක ආදායම රටට වැදගත්ම ආදායම් මාර්ගයක් බවත්; එය අහිමි නොකරගැනීම මේ මොහොතේ වැදගත් බවයි හෙතෙම වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව එක් කරමින් සිය X පණිවිඩයේ සටහන තුළ කංචන විජේසේකර මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජයට කලින් තොරතුරු තිබුණේ නම් සහ ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කළේ නම්, ගත් පූර්වාරක්‍ෂාවන් සමඟ සංචාරක උපදේශන අනතුරු ඇඟවීම් වළක්වා ගැනීමට ඉඩක් තිබූ බවයි.

ජනාධිපතිවරයා මේ මොහොතේ හෝ විදේශ අමාත්‍යවරයා සමග එක්ව අවම වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ ආරක්ෂක නිලධාරීන් සමඟ රැස්වීමක් කැඳවා ගෙන ඇති පියවර පිළිබඳව කෙටියෙන් සඳහන් කර ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය ඉවත් කිරීමට විදේශ දූත මණ්ඩල සමඟ කටයුතු කළ යුතු බව ද එහි සඳහන් වනවා.

හිටපු මන්ත්‍රී කංචන විජේසේකර මහතා නිකුත් කළ සම්පූර්ණ X පණිවිඩය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
27
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40