රජගෙදර භාණ්ඩ සොරකම්කර අලෙවි කිරීමට තැත් කළ තුනක් අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරයෙන් සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ජනාධිපති මන්දිරයේ ජනෙල් තිර රෙදි එල්ලීම සඳහා බිත්තවල සවිකර තිබු රන් පැහැති පිත්තල බෝල 40ක් සොරකම් කරගෙනවිත් මෙලෙස අලෙවි කිරීමට උත්සහා දරා ඇති බවයි වාර්තා වන්නේ.

පෞරාණික භාණ්ඩ ලෙස පවසමින් මොවුන් විසින් අදාල පිත්තල බෝල අලෙවි කිරීමට තැත්කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?