රජගෙදර භාණ්ඩ සොරකම්කර අලෙවි කිරීමට තැත් කළ තුනක් අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරයෙන් සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ජනාධිපති මන්දිරයේ ජනෙල් තිර රෙදි එල්ලීම සඳහා බිත්තවල සවිකර තිබු රන් පැහැති පිත්තල බෝල 40ක් සොරකම් කරගෙනවිත් මෙලෙස අලෙවි කිරීමට උත්සහා දරා ඇති බවයි වාර්තා වන්නේ.

පෞරාණික භාණ්ඩ ලෙස පවසමින් මොවුන් විසින් අදාල පිත්තල බෝල අලෙවි කිරීමට තැත්කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00