රංගන ශිල්පිනියගේ ලක්ෂ 65කට විද්ද ෆේස්බුක් පෙම්වතා රිමාන්ඩ්

ෆේස්බුක් ගිණුමක් හරහා රංගන ශිල්පිනියක් සමඟ හිතවත් වී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී එම රංගන ශිල්පිනිය ගෙන් වරින්වර රුපියල් ලක්ෂ 65 ක මුදලක් ලබාගෙන වංචා කළ අයෙකු ලබන 29 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා (19) නියෝග කර තිබෙනවා.

මෙම සැකකරු කොළඹ සහ ගම්පහ අධිකරණවල සේවය කරන කණිෂ්ඨ නීතිඥවරියන් දෙදෙනෙකු ද විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් අනූ නවලක්ෂයක් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ම වනවිටත් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවෙකු බව අධිකරණයේදී පළමුව සඳහන් වුණා.

සැකකරුව මහර බන්ධනාගාරය මඟින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බී.එල්. ලසන්ත ලියනගේ නැමැති 27 හැවිරිදි සැකකරුවෙක්.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවනු ලැබූ නඩුවේ පැමිණිලිකාරිය මිනුවන්ගොඩ, පත්තඩුවන ප්‍රදේශයේ පදිංචි රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන 23 හැවිරිදි තරුණියක් බවයි වාර්තා වන්නේ.

සමාජ සුබසාධන ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරන බව පවසා සැකකරු ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නළු නිළියන් එක්ව සිටින ඡායාරූප ඇතුළත් ෆේස්බුක් ගිණුමක් විවෘත කර ඇති බව පොලීසිය අධිකරණය හමුවේ පැවසුවා.

සැකකරු එම ෆේස්බුක් ගිණුමෙන් හඳුනාගෙන ඇති පැමිණිලිකාරිය සමඟ හිතවත්කමක් පළමුව ගොඩනඟා ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

පසුව පැමිණිලිකාරියගේ නිවසට සැකකරු කිහිප වතාවක් ම පැමිණ ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයෙන් අනතුරුව පැමිණිලිකාරියගේ දෙමාපියන් ද විවාහ මංගල්‍යයට ආශිර්වාද පතා ඇති බව අධිකරණයේදී සඳහන් වුණා.

ඉන් අනතුරුව සැකකරු විවිධ අවශ්‍යතා පෙන්වමින් සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 65ක මුදලක් පැමිණිලිකාරිය ලවා බැර කරගෙන ඇති බවත්, එය බැංකු වාර්තාවලින් සනාත වී ඇති බවත් පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

ෆේස්බුක් ගිණුමෙන් හිතවත් වී කොළඹ අධිකරණයක සේවය කරන ආධුනික නීතිඥවරියක්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 55ක මුදලක් ද, ගම්පහ අධිකරණයේ ආධුනික නීතිඥවරියක් ස රවටා විවාහ කරගන්නා බවට පොරොන්දු ලබාදී රුපියල් ලක්ෂ 49ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් ද මෙම සැකකරුව එම අධිකරණයන් මඟින් රිමාන්ඩ් භාරයට පත් කර ඇති බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී සදහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
14
+1
142
+1
16
+1
8
+1
11
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?