රංගන ශිල්පිනියගේ ලක්ෂ 65කට විද්ද ෆේස්බුක් පෙම්වතා රිමාන්ඩ්

ෆේස්බුක් ගිණුමක් හරහා රංගන ශිල්පිනියක් සමඟ හිතවත් වී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී එම රංගන ශිල්පිනිය ගෙන් වරින්වර රුපියල් ලක්ෂ 65 ක මුදලක් ලබාගෙන වංචා කළ අයෙකු ලබන 29 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා (19) නියෝග කර තිබෙනවා.

මෙම සැකකරු කොළඹ සහ ගම්පහ අධිකරණවල සේවය කරන කණිෂ්ඨ නීතිඥවරියන් දෙදෙනෙකු ද විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් අනූ නවලක්ෂයක් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ම වනවිටත් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවෙකු බව අධිකරණයේදී පළමුව සඳහන් වුණා.

සැකකරුව මහර බන්ධනාගාරය මඟින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බී.එල්. ලසන්ත ලියනගේ නැමැති 27 හැවිරිදි සැකකරුවෙක්.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවනු ලැබූ නඩුවේ පැමිණිලිකාරිය මිනුවන්ගොඩ, පත්තඩුවන ප්‍රදේශයේ පදිංචි රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන 23 හැවිරිදි තරුණියක් බවයි වාර්තා වන්නේ.

සමාජ සුබසාධන ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරන බව පවසා සැකකරු ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නළු නිළියන් එක්ව සිටින ඡායාරූප ඇතුළත් ෆේස්බුක් ගිණුමක් විවෘත කර ඇති බව පොලීසිය අධිකරණය හමුවේ පැවසුවා.

සැකකරු එම ෆේස්බුක් ගිණුමෙන් හඳුනාගෙන ඇති පැමිණිලිකාරිය සමඟ හිතවත්කමක් පළමුව ගොඩනඟා ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

පසුව පැමිණිලිකාරියගේ නිවසට සැකකරු කිහිප වතාවක් ම පැමිණ ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයෙන් අනතුරුව පැමිණිලිකාරියගේ දෙමාපියන් ද විවාහ මංගල්‍යයට ආශිර්වාද පතා ඇති බව අධිකරණයේදී සඳහන් වුණා.

ඉන් අනතුරුව සැකකරු විවිධ අවශ්‍යතා පෙන්වමින් සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 65ක මුදලක් පැමිණිලිකාරිය ලවා බැර කරගෙන ඇති බවත්, එය බැංකු වාර්තාවලින් සනාත වී ඇති බවත් පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

ෆේස්බුක් ගිණුමෙන් හිතවත් වී කොළඹ අධිකරණයක සේවය කරන ආධුනික නීතිඥවරියක්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 55ක මුදලක් ද, ගම්පහ අධිකරණයේ ආධුනික නීතිඥවරියක් ස රවටා විවාහ කරගන්නා බවට පොරොන්දු ලබාදී රුපියල් ලක්ෂ 49ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් ද මෙම සැකකරුව එම අධිකරණයන් මඟින් රිමාන්ඩ් භාරයට පත් කර ඇති බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී සදහන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41