AFC Banner
AFC Banner
Empty Ad

රංගනට නවසීලන්තයෙන් කැඳවීමක්

එළඹෙන සඳුදා ඇෆ්ගනිස්තානයට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගය සඳහා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත්කර තිබෙනවා.

ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් බිහි වූ දක්ෂතම වමත් ඕතඩොක්ස් ටෙස්ට් දඟ පන්දු යවන්නා වන රංගන හේරත්, මේ මස අගදී ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරඟ දෙකේ දී ද නවසීලන්ත කණ්ඩායම සමඟ රැඳී සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර ටෙස්ට් තරගය ඉන්දියාවේ නොයිඩා හිදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගයේ දී හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතෝර්ගේ සහාය ද නවසීලන්ත කණ්ඩායම විසින් ලබාගන්නා බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?