Indian Premier League

රංගනගේ අලුත් කණ්ඩායම…

එළඹෙන නවසීලන්ත ටෙස්ට් තරග සංචාරය සදහා බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු පුහුණු උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් එක්වන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් පවසනවා.

ඔහු වසර දෙකක කාලයක් සදහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු උපදේශක ලෙස ගිවිසුම් ගතවීමට එකග වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.මීට පෙර රංගන හේරත් බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු උපදේශක ලෙස තරගාවලි කිහිපයකදී ම කටයුතු කළ අතර, ඔහුගේ කොන්ත්‍රාත් ගිවිසුම් කාලය නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අවසන් වුණා.

ලෝක ටෙස්ට් ඉතිහාසයේ සාර්ථකම වමත් දග පන්දු යවන්නා වන රංගන හේරත් ටෙස්ට් පිටියේ දී බිද හෙලා ඇති කඩුලු ගණන 433ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?