යෝහානි ගේ සංගීතයෙන් හැඩගැන්වුණු ඉන්දීය හමුදාපතිගේ භෝජන සංග්‍රහය

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) වෙනුවෙන් විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් ඉකුත් සිකුරාදා (15) දින සන්ද්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.

මෙම විශේෂ භෝජන සංග්‍රහය සඳහා සහභාගි වු ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි සහ එම මැතිණිය ඇතුළු නියෝජිත පිරිස, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

එම අවස්ථාවට වඩාත් ආකර්ෂණයක් හා විනෝදාස්වාදයක් එක් කරමින් ශ්‍රී ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ ඉහලටම පැමිණි ගායන ශිල්පිනියක් වන යොහානි ද සිල්වා මෙනවිය ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සව අවස්ථාවට එක්විය.

පසුගිය දින කිහිපය තුළ මෙම තරුණ ගායන ශිල්පිනියගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේදී වැඩසටහන් ගණනාවක් පැවැත්විණි. ගායන ශිල්පී යොහානි ද සිල්වා මෙනවිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වා ගේ දියණියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
137
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?