යෝහානි ගේ සංගීතයෙන් හැඩගැන්වුණු ඉන්දීය හමුදාපතිගේ භෝජන සංග්‍රහය

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) වෙනුවෙන් විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් ඉකුත් සිකුරාදා (15) දින සන්ද්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.

මෙම විශේෂ භෝජන සංග්‍රහය සඳහා සහභාගි වු ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි සහ එම මැතිණිය ඇතුළු නියෝජිත පිරිස, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

එම අවස්ථාවට වඩාත් ආකර්ෂණයක් හා විනෝදාස්වාදයක් එක් කරමින් ශ්‍රී ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ ඉහලටම පැමිණි ගායන ශිල්පිනියක් වන යොහානි ද සිල්වා මෙනවිය ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සව අවස්ථාවට එක්විය.

පසුගිය දින කිහිපය තුළ මෙම තරුණ ගායන ශිල්පිනියගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේදී වැඩසටහන් ගණනාවක් පැවැත්විණි. ගායන ශිල්පී යොහානි ද සිල්වා මෙනවිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වා ගේ දියණියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32