යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යථාර්ථයක් බවට පත් වීමට සිදුවිය යුතු දේ ජනපති කියයි

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන අතරම, ආයතනික පද්ධතිය ද ශක්තිමත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ ප්‍රකාශ කළේ, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (08) පැවැති සාකච්ඡාවේදීයි.

මෙහිදී, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ජනාධිවරයා දැනුවත් කරනු ලැබුවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කර, අවශ්‍යතා මත ප්‍රතිපාදන සැපයීමට රජය සූදානම් බවද ජනාධිතිවරයා මෙහිදී කියා සිටියා.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නම් සමස්ත පද්ධතියම පූර්ණ වෙනසකට ලක් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පෙන්වා දුන්නා.

එහිදී, භෞතික සම්පත් සහ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම මානව සම්පත් සංවර්ධනය කෙරෙහි ද ඉහළ අවධානයක් යොමු විය යුතු බව ජනපතිවරයා විසින් අවධාරණය කරනු ලැබුවා.

ඒ, සඳහා පූර්ණ අධ්‍යයනයකින් අනතුරුව, සැලසුම් සහ අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලෙසත්, ඉදිරි අයවැය මඟින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම, මෙම ක්‍රියාවලියේදී ගුරුවරුන් සහ අධ්‍යාපන පීඨ සිසුන් පිළිබඳවද අවධානය යොමු කිරීමටත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය සඳහා සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර, අදහස් හා යෝජනා ලබා ගැනීමටත් සාකච්ඡා වුණා.

එහි පළමු පියවර ලෙස, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට, මෙම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු 02ක් පවත්වන ලෙසත්, එමඟින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට උපදෙස් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?