යොවුන් පැරා ශූරයින් දිවයිනට

ඩුබායි හි පැවති 2025 ආසියානූ යොවුන් පැරා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම රන් පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනාගෙන අද (15) අලුයම දිවයිනට පැමිණියා.

මෙම තරගාවලිය ආසියානු කලාපයේ රටවල පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 07 දින සිට 14 දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පැවැත් වුණා.

තරගාවලියේ දී ඩිල්මිණි උදුම්බරා කුමාරගේ ක්‍රීඩිකාව කවපෙත්ත විසි කිරීම සහ යගුලිය දැමීම ඉසව්වලින් රන් පදක්කම් දිනාගැනීමට සමත් වුණා.

ඩිල්මිණි, කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්.

ඊට අමතරව තරගාවලියට සහභාගී වූ සෙනුවර සන්දිලු මීටර් 100 ධාවන ඉසව්වෙන් රන් පදක්කම සහ දුර පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

ඔහු අතුරුගිරිය මහාමාන්‍ය විද්‍යාලයේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් .

මෙම තරගාවලියේ දී මොහොමඩ් ඉස්හාම් ‍යූනුස් මීටර් 400 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?